ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් එකසිය හැත්තෑවකට අධික පිරිසක් නිරෝධායනය මගහැර ගොස් ඇතැයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සඳහන් කර සිටියි.
මාධ්‍යයට අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටින්නේ ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පිරිස නිරෝධායනය නොවී සිටිනවා නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය නිරෝධායනය අනිවාර්යයෙන්ම කළ යුතු බව සහ එලෙස නොවී සිටින පිරිස පිළිබඳව 119 හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි. ලැබෙන තොරතුරු අනුව එවන් පුද්ගලයන් හඳුනා ගැනීමට ලක්වුවහොත් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයන අතර නිවෙස් තුළ සිටම ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබේ.
විදේශයන්ගෙන් පැමිණි කොරෝනා වෛරස් නිරෝධායනය ක්‍රියාවලිය මගහැර විවිධ ප්‍රදේශවල සැඟවී සිටින සියලුදෙනා වහාම සොයා ගැනීම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස්පති යටතේ ඇති විශේෂ බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (17 වැනිදා) සිට දිවයින පුරා යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.
අදාළ පිරිස කඩිනමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවීම හේතුවෙන් කොරෝනා වෛරස් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් එම පිරිස සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...