දේශීය පුවත්

සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් ගුවන් සේවා සමාගම් , ගුවන් ගමන් පාලන නිළධාරින් සහ වෙනත් ගුවන් ගමන් මෙහෙයුම් සඳහා සම්බන්ධ වන නිළධාරීන් වෙත නිකුත් කරනු ලබන නියෝගයට අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල මාර්තු 19 වන දින පෙරවරු 4:00 සිට මාර්තු 25 වන දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වසා තැබෙනු ඇති.

කෙසේ වෙතත් තත්වයන්ගේ වර්ධනය සලකා බලා ඉහත සඳහන් ගුවන් තොටුපලවල් වසා තැබීම තව දුරටත් දීඝර්‍ කෙරෙනු ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා එම නියෝගයෙන් වැඩිදුරටත් පවසා සිටී.

මෙම කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පමණක්, රටින් පිටව යන මගීන් සඳහා සහ සංක්‍රමණික මගීන් සඳහා පරිහරණය සඳහා අවසර දෙනු ඇත.

මීට අමතරව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පමණක්, හදිසි තත්වයකදී ගොඩබානු ලබන ගුවන්යානා වලට,භාන්ඩ ප්‍රවාහනය කරනු ලබන ගුවන් යානා වලට,මානුෂීය හේතු මත පැමිණෙන ගුවන් යානා වලට,තාක්ෂණික හේතු මත පැමිණෙන ගුවන්යානා වලට සහ ශ්‍රී ලංකාවෙන් මගීන් රැගෙන යාමට මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලට විවෘතව පවතින බව සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ නිවේදනයෙන් පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More