දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන සැළකියයුතු පිරිසක් අත්සන් කිරීමට සුදානමින් සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.

විශ්වාසභංගයට එක්කර තිබෙන කරුණුවලට අමතරව මහනුවර සිද්ධිය ගැන අවධානය යොමුකර තිබෙන බවත් එම සිද්ධිය ඇතිවීම වැළැක්වීම හා එය පාලනය කරගැනීමට කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනාව එල්ලවන්නේ එවකට නීතිය හා සාමය අමාත්‍යංශය භාරවසිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් ජාතික ජනතා නියෝජිතයින් 21 දෙනෙකු ද එම චෝදනාව එල්ල කරන බවත් එම නියෝජිතයා ප්‍රකාශ කළේය.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ, ශ්‍රි ගංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් ජනතා නියෝජිතයින්ගේ පිරිසකගේ සහාය ලැබෙන බවත් ඒ වෙනුවෙන් පවත්වනු ලබන සාක්ච්ඡා මේ වන විට සාර්ථක මට්ටමක පවතින බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More