දේශීය පුවත්

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මේ අතරින් බොහෝ පිරිසක් දැනට නිරෝධායනයට ලක්වන පුද්ගලයන් බවත් ඇය සඳහන් කළාය.

මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැලිකන්ද මූලික රෝහල යොදා ගැනීමට පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය.

“රෝගීන්ගේ හැසිරීම හා විනය ගැන අපි කනගාටු වෙනවා. අපි මේ අයව සම්බන්ධීකරණය කරන්න කටයුතු සකස් කර තිබුණා. ඉතාලියෙන් පැමිණි පිරිස කලහකාරී ලෙස හැසිරුණ නිසා සූදානම් නොමැතිව යුද හමුදාවට එයට මැදිහත් වෙන්න සිදුවුණා. ඒ නිසා යුද හමුදාවේ කෙනෙකුට රෝගය වැළඳිලා තිබෙනවා.”

මේ අනුව කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6ක් අද දිනයේදී හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවැසීය.

01 පළමුව හඳුනාගත් සංචාරක මඟපෙන්වන්නාගේ බිරිඳ.

02 ජර්මනියේ සංචාරය කළ පුද්ගලයාට සම්බන්ධ වූවෙක්.

03 එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක්.

04 කැළණිය ප්‍ර දේශයේ පුද්ගලයෙක්.

05 මාරවිල ප්‍ර දේශයේ පුද්ගයෙක්.

06 කටාර් රාජ්‍යයේ සිට පැමිණි අවුරුදු 25ක උඩුගම්පොල පදිංචි පුද්ගලයෙක්.

මෙසේ කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගයන් වෙයි.

“පුත්තලම ප්‍ර දේශය සම්බන්ධයෙන් ජනපතිවරයාත් විශේෂ අවධානයක් යොමුකළා. නිවෙස්වල නිරෝධායනය වීම සඳහා උපදෙස් දුන්නත් එය මග හැරුණු අවස්ථාව තිබෙනවා. නමුත් දැන් නිසි පරිදි අවශ්‍ය කටයුතු සිදුවෙනවා. ඒ අය නිරෝධානය වෙන්නේ නැත්නම් නිවසින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරනවා.

දැනටත් හානියක් වෙලා තිබෙනවා ඒ හානිය නැවත නැවත ඇති නොවීමට අප කටයුතු කළ යුතුයි. අයි.ඩී.එච්. ධාරිතාව ඉක්මවා යනවානම් අපි වැඩපිළිවෙලක් සකස් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ වගේ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙයි කියලා.

අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ රට ඇතුළේ සිටින උදවියගෙන් විෂබීජය පැතිරීම වැළැක්වීමයි. ” යැයි අනිල් ජාසිංහ මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More