දේශීය පුවත්

රටට ඉතා වැදගත්වන සංශෝධනය පිළිනොගෙන බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සම්බන්ධයෙන් තමා ආණ්ඩුවට දැඩි විරෝධය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනතෙහි 8වැනි වගන්තිය ශ්‍රී ලාංකික පුරවැසියන් විදේශ රටවල අධිකරණවලට ගෙනයාමට නොහැකි වන ආකාරයෙන් සංශෝධනය කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපත් කරන ලද සංශෝධනය පිළිගැනීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මුලින් එකඟතාවය පළකර තිබු බවත් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සංශෝධනය පිළිනොගෙන පනත සම්මත කරගැනීමට කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

රණවිරුවන්ට හා රටට මෙම පනතෙහි තිබෙන අහිතකර තත්ත්වයන් ගැන මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් හා විවිධ ක්ෂේත්‍රවල විද්වත්තුන් විසින් පෙන්වා දී තිබියදීත් ඒවා කිසිදු සැළකිල්ලකට නොගෙන මෙම පනත සම්මත කරගෙන තිබෙන්නේ කොටි හිතවාදීන්ගේ වුවමනාවට බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

මෙම පනත කල්දැමීම සහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙවරක් කටයුතු කර තිබියදීත් මෙසේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම පනත සම්මත කරගෙන තිබෙන්නේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජිනිවා මානව හිමිකම් සමුළුව සතුටු කිරීමටද කියා බලවත් සැකයක් මතුවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More