කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම උදෙසා දැන් දැඩි තීන්දු ගතයුතු බවත් ඒ අනුව වහාම සති දෙකක කාලයක් සඳහා රටේ සියලු කටයුතු අක්‍රිය කළයුතු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
මැතිවරණවලට වඩා ජනතාවගේ සාමුහික පැවැත්ම තමන්ට වැදගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි.
එම සටහන මෙතැනින් –
කොරෝනා වෛරසය අපේම ඇතැම් අයගේ( ශ්‍රී ලාංකිකයන්ගේ ) වගකීම් විරහිත ක්‍රියා කිරීම හේතු කොට ගෙන දැන් පැතිර යාම පාලනය කිරීමට දැඩි තීන්දු ගත යුතුය. වහාම සති දෙකක කාලයකට රටේ සියලු කටයුතු අක්‍රිය කළ යුතුය. ( අත්‍යවශ්‍ය සේවා ආරක්ෂක අංශවලින් සිදු කළ යුතුය ) මැතිවරණවලට වඩා ජනතාවගේ සාමූහික පැවැත්ම අපට වැදගත් ය.
හරි ටීවී සමග කළ සංවාදය පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...