දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා (16 වැනිදා) වන විට අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙදූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන කොවිඩ් 19 ආසාදිතයන් අයි.ඩී.එච්. ​රෝහල වෙත නොයැවීමට තීරණය කර ඇත.

එම ​රෝහලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම නව රෝහල ස්ථාපිත කිරීමට හේතුවී ඇත.

මෙතෙක් කොවිඩ් වෛරසය ආසාදනය වූ දහඅට දෙනාගෙන් එකොළොස් දෙනෙකුම කන්දකාඩු ඇතුළු නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරයක් අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරිණි.

අලුතින් ඉදිවන රෝහලේ හතළිස් හතරදෙනෙකුට ප්‍රතිකාර කළ හැකි බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More