දේශීය පුවත්

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එහි ප‍්‍රධාන සැකකරු හා තවත් නව දෙනෙකු හදිසි නීතිය යටතේ දින 14ක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප‍්‍රධානියා වන අමිත් වීරසිංහ ඇතුළු තවත් 09 දෙනෙකි.

මෙම පිරිස් විසින් ගැටුම් සදහා සැලසුම් කරන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද ටූ ටියුබය තුල වෙයි.

අමිත් වීරසිංහ නම් මෙම පුද්ගලයා කලකට පෙර වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා සමීප සබදතා තිබුනු බවටත් මහසොහොන් බලකාය නිර්මාණය වූයේ ඔහුගේ උවමනාව මත බවටත් අන්තර්ජාලයේ වාර්තා බොහෝ පලවිය.

මෙම ගැටුමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ජාතික ඇදුම ඇදගෙන කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු ආ හීන්දෑරි උස ජෙහාන් කෙනෙක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කලේය.

කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කලේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More