ප‍්‍රධාන පුවත්

කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස යුරෝපා සංගමය වෛද්‍යය උපකරණ සර්බියාවට යැවීමට තහනම් කළද චීනය සර්බියාවේ පැතිර යන COVID-19 වසංගතය පාලනය කිරීමට අවශ්‍යය උපරිම සහයෝගය ලබා දෙමින් සිටින බව සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්දාර් වව්සික් මහතා පවසයි. ඒ අනුව යුරෝපා සහයෝගිතාවය යනු තනිකරම මුසාවක් බවට සර්බියානු ජනාධිපතිවරයා චෝදනා කරයි.

සර්බියාව COVID-19 වෛරසය පැතිරයාම වැලක්වීමට ඊයේ ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කළේය. “COVID-19 අර්බූදය බොහෝ දේ ලෝකයට ඒත්තු ගැන්වූවා. යුරෝපා සංගමය ප්‍රකාශ කරන “සහයෝගිතාවය” තනිකරම කඩදාසි කොලවලට පමණක් සීමා වුනු මුසාවක් බව සනාත කරනු ලැබුවා. ඔවුන් තමන් සතු ඖෂධ සහ වෛද්‍යය දැනුම යුරෝපා සංගමයෙන් පිටතට දීම නොකරන ලෙස දැනටමත් තහංචි පනවා හමාරයි” සර්බියානු ජනාධිපතිවරයා අවධාරනය කළේය.

චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතාට සහෝදරයා” යැයි ආමන්ත්‍රණය කරමින් සර්බියානු ජනාධිපතිවරයා විසින් ලියන ලද ලිපියකට ප්‍රතිචාර වශයෙන් මුඛ ආවරණ මිලියන 5ක් වහාම එවීමට චීනය කටයුතු කළ අතර අවශ්‍යය වන වෛද්‍යය කන්ඩායම් එවීමටද පොරොන්දු වී ඇත. සර්බියාවේ සමස්ත ජනගහනය මිලියන 7කි. අද සිට සර්බියාවේ පාසල් ඇතුලු අධ්‍යාපන ආයාතන වසා දැමීමට කටයුතු කර ඇති අතර වෛද්‍යය කන්ඩායම් ලෙස පැමිණෙන චීන ජාතිකයන් සහ සර්බියානුවන්ට හැර දේශ සීමා වසා දැමීමට කටයුතු කර තිබේ.

විදෙස් රටවල සිට සර්බියාවට නැවත පැමිණෙන සර්බියානුවන් අනිවාර්යෙන්ම නිරෝධායනයට යොමු විය යුතු අතර එසේ කිරීමට අපොහොසත් වන්නෙකු වසර තුනක සිර දඬුවමකට යටත් කිරීමට සර්බි රජය පියවර ගනී. සර්බි යුද හමුදාව රෝහල් ඇතුළු සංවේදී කලාප වල පාලනය සියතට ගෙන ඇත.
මේ වන විට සර්බියාවෙන් COVID-19 වෛරසය ආසාදනය වූවන් 55 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතලය.වෛරසය මොන්ටිනීග්‍රෝව හැර බෝල්කන් කලාපයේ සියලුම රටවලට පැතිර ගොස් ඇත.
මේ අතර යුරෝපා සංගමයේ රටවල පැතිර ගොස් ඇති COVID-19 වෛරසය යුරෝපා සංගමයේ ඒකාබද්ධතාවය “ලිට්මස්” පරීක්ෂාවට ලක් කරමින් පවතී. මක් නිසාද යත් බ්‍රසල්ස් නුවර ආශ්‍රිත නිළධාරීන් සහ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රේන් මහතා දේශ සීමා වසා දැමීමට එරෙහිව කටයුතු කිරීමත් ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් ආශ්‍රිතව COVID-19 වෛරසය ලැව් ගින්නක් සේ පැතිරයාමත් නිසාය.

නමුත් ජර්මණිය ප්‍රංශ විවේචන මාධ්‍යයේ තම දේශසීමා වලට නිදහස් ලෙස ඇතුළුවීම වැලැක්වීමට අවශ්‍යය පියවර ගනිමින් සිටී. නමුත් මේ වන විට චීනය COVID-19 වෛරසය සාර්ථකව මැඩ පවත්වා ඇත.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com/news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More