ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවෙකුට කොරෝනා වෛරස ආසාදිත වී ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ වනවිට එම ආසාදිත පුද්ගලයා අංගොඩ වසංගත රෝග රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද දීපාල් පෙරේරා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ඔහු අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බවත් , මෙම නියමුවා සමඟ කටයුතු කළ තවත් ශ්‍රීලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් ද මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බවද දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
අද දිනයේ දී ශ්‍රී ලංකිකාව තුළින් රෝගීන් 28 දෙනෙකු වාර්තා වී තිබු අතර මෙම රෝගියා සමඟ එම මුළු ගණන 29 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...