දේශීය පුවත්

හංවැල්ල, ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුත් තමාට අයත් සුපිරි හෝටලය විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධනය කිරිම සඳහා ලබාදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන නොමිලේ පහසුකම්ද සැලසීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන දේශමාන්‍ය එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් එම ස්ථානය නිරෝධායන කටයුතු සඳහා සුදුසුදැයි යන්න පිළිබඳව එහි ගොස් මූලික පරික්ෂණයක් සිදුකළ බවද  අමාත්‍යාංශය පවසයි.

නිවාඩු නිකේතනයේ සෑම කාමරයක්ම වැසිකිළි සහ නාන පහසුකම්වලින් සමන්විත අතර නිවාඩු නිකේතනයේ උත්සව සඳහා භාවිත කළ පරිශ්‍රයේද තවත් කාමර ගණනාවක් ඉදිකර ඒවාද භාවිත කළ හැකි බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා මෙසේ සඳහන් කළේය.

“ව්‍යාපාරික ප්‍රියන්ත මහතාගේ දැනුම්දීමට අනුව මෙහි මූලික පරික්ෂණ කටයුතු සඳහා අප ගියා. ඇත්තෙන්ම මෙය ඉතා අගනා සත් ක්‍රියාවක්. මේ ආකාරයෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තම ධනය හා දේපළ පරිතාග කරමින් ශ්‍රී ලාංකීය ජනතාව කොවිච් 19 රෝගයෙන් බේරාගැනීම සඳහා කටයුතු කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.”

එහිදී අදහස් පළකළ දේශමාන්‍ය එච්.ඩී. ආර්. ප්‍රියන්ත මහතා මෙසේ සඳහන් කර සිටියා.

“ඇත්තවශයෙන්ම මා මේ ගැන හිතන්න ගත්තේ හැඳල ලාදුරු රෝහල අසල සිදුවූ සිද්ධියත් සමගයි. අපි ඒ තත්වයට වැටෙන හොඳ නෑ. ශ්‍රී ලාංකිකයන් කියන්නේ හොඳින් ආගන්තුක සත්කාර දන්නා පිරිසක්. අපේම සහෝදරයන් තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඔවුන් රැක බලාගත යුතුයැයි සිතා මේ නිවාඩු නික්තනය ඔවුන්ගේ නිරෝධායනය කටයුතු සඳහා ලබාදීමටත් ඒ අයන්ගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් මා තීරණය කළා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More