පවතින සෞඛ්‍ය තත්ත්වය මත මෙරට පෞද්ගලික බස් රථ ධාවනය 25 % දක්වා අඩුවී ඇති බවත් හෙට (17 වැනිදා) දිනය වන විට එය සියයට හැත්තෑවක් පමණ වනු ඇති බවට තමා අපේක්ෂා කරන බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
බස් රථ තුළ විෂබීජ නාශනය අතීසාරයට අමුඩ ගැසීමක් බව පවසන ඔහු මේ වන විට මගීන්ගේ අඩුවක් දක්නට ලැබීම අශිර්වාදයක් කොට සලකන බවද පැවැසීය.
ඉදිරි සති දෙකේදී මගීන් රියදුරු සහ කොන්දොස්තරවරුද මුඛ ආවරණ භාවිත කරන්නේ නම් අනතුරෙන් තරමක් දුරට වැළකී සිටිය හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය.
බස් රථවල සෙනඟ නොමැති වීම හේතුවෙන් බස් හිමියන්ට ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවට ඇතැම් බස් රථ හිමියන් මැසිවිලි නැගුවද ගෝලීය වශයෙන් ඇතිවී ඇති අර්බුදය හමුවේ පාඩුව දරාගත යුතුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේබව පවසා ඇත්තේ ජාතික පුවත්පකට ප්‍රකාශයක් ලබා දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...