මුහුණු පොතෙන්

වසංගත හා කොහොඹ පිළිවෙත…..

March 16, 2020 11:57 am | Lanka Lead News

අපේ මුතුන්මිත්තන් වසංගත උවදුරු පැමිණෙන විට එම වසංගත පැතිරීම වලකාලීම හා සුවපත් කරගැනීම අරමුණු කරගෙන කොහොඹ සත්කාර කළා. පැපොල, සරම්ප, කම්මුල්ගාය මෙන්ම දෙයියන්ගෙ ලෙඩ යැයි හදුන්වන රෝග හා වසූරිය බඳු වයිරස් රෝග පැතිරෙන විට පළමු සත්කාර පිළිවෙත වූයේ රෝගියා හදුනාගෙන ඔහු වෙන්කිරීමයි. වසංගත රෝගියා වෙන්කළ කාමරයේ බිමට , නිදිපොළට හා වහලයේ අතු වියනක් ලෙස අමු කොහොඹ අතු භාවිත කළා .මේ අමු කොහොඹ අතු වරු තුනකින් ඉවත් කර අලුත් අමු කොහොඹ අතු යොදාගැනීම සිරිතයි. එයින් විෂබීජ හරණයට වැඩි ඉඩක් ලැබෙනවා. මෙබදු වයිරස් රෝගයකට ගොදුරු වූවකු සිටින විට අන්‍යයන්ට දැනවීම සදහා ගෙට ඇතුළු වන දොරකඩ හා ඉදිකඩුල්ලේ කොහොඹ අතු එල්ලීමත් සිරිතක් . යම් විටක වසංගත රෝගය ගම පුරා පැතිරෙන්නේ නම් එවිට ගමට ඇතුළුවන ප්‍රධාන පාරවල් අද්දර වසංගත වැටි දමනවා. ඒ කියන්නේ පිටින් එන ඕනෑම අයෙකුට පාරෙන් ගමට ඇතුළුවීම එකවර නවතාලන සේ කොහොඹ අතු කැටි එක උඩ එක අතුරා වැටියක් දැමීමයි. වසංගත රෝගකාරයෙකු ගෙදර සිටිනවිට සත්කාර කරන්නන් සේම නිවැසියන් සියලු දෙනා දවසේ තුන් වරුවට අමු කොහොඹ කොළ කෙටූ ඉස්මවලින් අත් පා සිරුරු සෝදාගැනීමත් කළා. පිටතින් පැමිණෙන උදවියට කොහොඹ කොළ කෙටූ ඉස්ම බදුනක් දොරකඩ තබන්නේ අත් පා දොවා විෂබීජ හරණයට යි. මීට අමතරව විෂබීජ හරණයට කොහොඹ කොළ හා කොහොඹ තෙල් යොදා වේදු ඇල්ලීමත් කළා.

අපේ මුතුන්මිත්තන් අවුරුදු දහස් ගණනක් පුරා අනුගමනය කළ මේ සාම්ප්‍රදායික දැනුම අපේ රට අත්හැරීම නූතන නැතිනම් විද්‍යාත්මක ද කියා තීන්දු ගැනීම ඔබට පවරමි.

Mahinda Kumara Dalupotha



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More