දේශීය පුවත්

රජය බලාපොරොත්තුවන ආකාරයට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත සඳහන් කරයි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලාල්කාන්ත මහතා ඇතුළු එම කණ්ඩායම නාමයෝජනා අත්සන් කිරීම පසුගිය 14 වැනිදා මහනුවරදී සිදු කෙරුණු අවස්ථාවේ හෙතෙම මෙම අදහස් පළ කළේය

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීවේය.

‘‘ජනාධිපතිවරයා මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා තුනෙන් දෙකේ බලයක් ඔවුනට ලබා දෙන්න කියලා. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව එසේ නොකරන බවට. මේ පවතින ක්‍රමය යටතේ අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමේ හැකියාවක් නෑ. යුද්ධය අවසන් කොට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉහළම ජනප්‍රියතාවයක් රටේ ලබා සිටි මොහොතේ පැවැත්වූ මැතිවරණයේදී වත් ඔවුනට තුනෙන් දෙකේ බලයක් ලබා ගන්න බැරි වුණා. ඒ නිසා අපට ඉතාමත් පැහැදිලියි එදා ලබා ගැනීමට නොහැකිවූ දෙය අද කිසිසේත්ම ලබාගැනීමට නොහැකි බව.

හැබැයි ඔවුන් එදා විපක්ෂය යනුවෙන් නාමිකව සිටි කණ්ඩායමේ ඇතැමුන් මුදලට, වරප්‍රසාද, වරදානවලට ලබාගෙන නාමික තුනෙන් දෙකේ බලයක් හදාගත්තා. හැබැයි මේ අය එදා ඒ තුනෙන් දෙකේ බලය මහජනතාව වෙනුවෙන් පාවිච්චි කළේ නෑ. ඒ බලය පාවිච්චි කළේ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කැපීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නයි. ඒකාධිපති බලයක් ලබාගෙන දිගු ගමනක් යන්නයි එදා මේ තුනෙන් දෙකේ බලය භාවිතා කළේ. අපි දැක්කා වරදාන වරප්‍රසාද ලබා දීලා මන්ත්‍රීවරු වෙළෙඳ භාණ්ඩ බවට පත්වන ආකාරය මේ රටේ. වෙළඳපොලේ සුපර් මාර්කට් එකේ තියෙන බඩු වගේ විවිධ මිල ගණන් යටතේ මේ රටේ මන්ත්‍රීවරු වෙන්දේසි වුණ බව රටේ ජනතාව හොඳටම දන්නවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More