දේශීය පුවත්

ප්‍රජාව තුළින් කොවිඩ්-19 ව්‍යාප්ත වන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කරනු ලැබ ඇති බව අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඊයේ (15 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේය.

මේ මාසේ දහ වැනිදා සිට අපි නිල වශයෙන් විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමු කළා. නමුත් ඊට පෙර අපේ රටට පැමිණි පුද්ගලයන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙලා තිබීමේ සම්භාවිතාව තිබෙනවා. දැනට කොවිඩ්-19 ආසාදනය වී සිටින අවුරුදු දහහතේ ගැහැනු ළමයාට එය ආසාධනය වී තිබුණේ පිටරට සිට පැමිණි අයෙකුගෙන් නෙමෙයි. ඒ නිසා විදෙස් රටක සිට පැමිණි අය නි​රෝධායනයට ලක්වීම ඉතා වැදගත්. වෛරසයෙන් මිය යන බහුතරයක් පිරිස් වයෝවෘද්ධ අය සහ වෙනත් රෝගාබාධවලට ලක් වූ අයයි. ඒ නිසා ඔබෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවන ලෙස කටයුතු කිරීමේ වගකීම ඔබ තේරුම් ගත යුතුයි. පිටරට සිට නිරෝධායනය නොවී සිටින අය ගැන දුරකථන ඇමතුම් දීලා අදාළ අංශ දැනුවත් කරන එක හොඳයි. සෑම තැනකම දැන් පිරිසුදු කාරක ලබාදීමේ වැඩපිළිවෙළක් මේ මොහොතේ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.

නිරෝධායනය නොවී රට තුළට පිවිසි පුද්ගලයන් ගැන ගුවන් තොටුපළෙන් තොරතුරු ලබාගෙන අදාළ අංශ සමග දැනුවත් වී අපි ඔවුන් පිළිබඳ පසුවිපරම් සිදු කරනවා. මේ මොහොත වන විට එකසිය තිස් තුන්දෙනෙකුට රෝගය වැලඳී ඇතැයි අප සැක කරනවා. ඉන් නවයක් විදේශිකයන්. ශ්‍රී ලාංකිකයන් දෙදෙහස් හත්සිය හැට නවයක් සහ චීන ජාතිකයන් එක්දහස් එකසිය විස්සක් පිළිබඳව රට තුළ අපි දැන් පසුවිපරමක් සිදු කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More