ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය.
මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීය.
ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

තවත් කොරෝනා ආසාදිතයින් 07 ක්
Gepostet von Newsfirst.lk am Sonntag, 15. März 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...