ප‍්‍රධාන පුවත්

සිංහල – මුස්ලිම් මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම්වලින් පැහැදිලි වන බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

අද (08) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

අම්පාර මුස්ලිම් කොත්තු කඬේ සිදුවීම් පිටුපස ඉන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඉන්පසුව දිගන නගරයේ සිදු වූ සාපරාධී, ප්‍රකෝපකාරී තත්ත්වයට මුල් වූ කුමාරසිංහ නමැති සිංහල තරුණයාගේ ඝාතනයට අදාළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කළෙත් ආණ්ඩුවේ දේශපාලනඥයෙක්. ඒ වගේම කුලියාපිටිය නගරයේ මුස්ලිම් වෙළඳසැල්වලට පහරදීම නිසා අත්අඩංගුවට ගත් මැරයන් පැයකින් නිදහස් කර ගත්තේ එජාප ප්‍රබල ඇමතිවරයෙක්. මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආශිර්වාද සිංහල – මුස්ලිම් මැරයන් තමයි මේ මහා මරා ගැනිල්ලට පාර කැපුවේ කියා.

සිංහල – මුස්ලිම් මිනිසුන්ගේ මළ කඳන් මතින්, ගිනි ගත් දේපල හා ලේ ගංගා මැදින් ඇවිත් ආණ්ඩුව තමන් මුහුණ දී තිබෙන විශ්වාසභංගය යටපත් කරගන්න හදනවා. තවත් පැත්තකින් මේ මහා මරා ගැනිල්ලා මැද්දේ තමන් දෙමළ ඩයස්පෝරාවට, ඇමරිකා එක්සත් ජනපදයට, ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු කර දෙන්න හදනවා.

රණවිරු දඩයමට තවත් මෙවලමක්

මේ රටට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවලියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේ දී ආණ්ඩුව වෙනුවෙන් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඅනුග්‍රාහකත්වය දක්වන්න එක්ඟ වුණා. ඒ අනුව තමයි මේ වන විට බෙදුම්වාදී ව්‍යස්ථාවක් කෙටුම්පත් කර ඇත්තේ. ඒ අනුව තමයි කොටි ත්‍රස්තවාදය පැරද වූ ‘රණවිරුවන් යුද අපරාධ කළා’ කියන මිත්‍යාව සනාථ කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කරමින් ඉන්නේ. ඒ යටතේ දැන් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා හදන ෆැක්ටරියක් නිර්මාණයය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත් වූ ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත’ මඟින් තමයි ඒ කාර්යාලය පිහිටුවා ඇත්තේ.

ඊට දෙමළ ඩයස්පෝරාවේ හිතවතුන්, ඩොලර් කාක්කන් පිරිසක් කොමසාරිස්වරුන් ලෙස පත්කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයාගේ ලැයිස්තුවට අනුවයි. ඒ රණවිරු දඩයමට අවශ්‍ය තවත් නීතියක් ඊයේ (07) පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තා.

‘ලෝකයේ එකම රට?’

මේ මහා මරාගැනිල්ල මැද්දේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට මහා කළු පැල්ලමක් එක් කරමින් තමයි ඒ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ නව නීතිය බලහත්කාරයෙන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමඟ යවමින් සම්මත කර ගත්තේ. ‘බලහත්කකාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ පනත් කෙටුම්පත’ තමයි එසේ ඊයේ සම්මත කර ගත්තේ. ඒ මඟින් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ තම රටේ නීති පද්ධතියට ඇතුලත් කළ ලෝකයේ පළමු රට බවට ලංකාව පත් වුණා. ඇමරිකා එක්සත් ජනපදය පවා මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර නැහැ. ඉන්දියාව අත්සන් කළත් තම රටේ නීති පද්ධතියට ඇතුලත් කර නැහැ. මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇත්තේ රටවල් 58යි. ඉන් රටවල් 20ක් අපරානුමැතිය ලබාදී ඇතත් ලොව කිසිඳු රටක් මේ ප්‍රඥප්තිය තම රටේ නීති පද්ධතියට ඇතුලත් කර නැහැ.

මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය තම රටේ නීතියට ඇතුළු කළ පසුව ‘අතුරුදහන් කිරීම්’ නැමැති යුද අපරාධයට මේ රටේ ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් වරදකරුවන් කිරීමට මඟ පෑදෙනවා. එයයි ජිනීවා යෝජනාවලිය අනුව රණවිරුවන් දංගෙඩියට දක්කන න්‍යාය පත්‍රයේ ඊළඟ පියවර. ඊයේ මේ පනත් කෙටුම්පත් ඡන්ද විමසීමට ලක් නොකරන බව කතානායකවරයා පොරොන්දු වුණා. වෙනත් දිනයක් ඒ සඳහා ලබාදෙන බව කීවා. සංශෝධන ඇතුළත් කරන බව විදේශ අමාත්‍යවරයාපැවසුවා. එසේ තිබියදී මුළු මහත් පාර්ලිමේන්තුව නොමග යවමින්, මුලා කරමින් බලහත්කාරී ලෙස මේ පනත් කෙටුම්පත ඡන්ද විමසීමට ලක් කර සරල බහුතරයෙන් සම්මතකර ගත්තා. ඡන්ද ඡන්ද විමසීම නොපවත්වන බව කී නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ සාකච්ඡාවල නිරතව සිටියදී තමයි මේ අපකීර්තිමත්මත් සිදුවීම සිදුවූයේ. මේ පිළිබඳව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බලවත් අප්‍රසාදය පළකරනවා.”

මෙම අවස්ථාවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික පත්ම උදයශාන්ත ගුණසේකර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More