දේශීය පුවත්

මාර්තු 16 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා බල පැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යය,නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට කිසිදු ගුවන් යානයකට එම රටවලින් ගමන් ආරම්භ කොට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිවන ලෙස තහනමක් පැමිණවීමට ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් කටයුතු කර ඇති බව නිවේදනය කරයි.

තව දුරටත් ඔහු පවසා සිටින්නේ යම් කිසි ගුවන් යානයකින් එම රටවල සිට 16 වන දින මධ්‍යම රාත්‍රී 12:00ට පෙර ශ්‍රී ලංකාවට ගොඩ බසින කිසියම් මගියෙකු වෙතොත් එම මගියා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන බවයි. මේ අනුව ඉහත සඳහන් රටවල පසුගිය දින 14 තුළ ගත කළ පුද්ගලයන් හට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ නියමයන් බල පැවැත්වෙනු ඇති බවද ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය බළධාරීන් ගන්නා ලද තීන්දු ප්‍රකාරව බවද එම නිවේදනයේ සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More