දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද අත්සන් කර තිබේ.

ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.

එම කණ්ඩායමේ අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගියදා නාමයෝජනා අත්සන් කළේය.

අද දිනයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිය වසර පහක කැපවීමට නිසි තැන හිමිවූ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (15) පස්වරුවේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More