දේශීය පුවත්

යාපනය රාජ්‍යන්තර ගුවන් තොටුපල මේ මොහොතේ සිට මාර්තු මස 29 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා සියලුම ගුවන් ගමන් සඳහා වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා තීරණය කර ඇත. ඒ අනුව යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපලට  ඉන්දියාවේ සිට පැමිණුන සියලුම ගුවන් යානා මෙන්ම යාපනයේ සිට ඉන්දියාවට පිටත්ව යන සියලුම ගුවන් ගමන් අවලංගු වනු ඇත.

ඉන්දියාවේ මේ වන විට COVID -19 වෛරසය ආසාදනයෙන් රෝගියෙකු මිය ගොස් ඇති අතර ඉන්දියාවේ නාග්පූර් නගරයේ ඉන්දිරා ගාන්ධි අණුස්මරණ ශීක්ෂණ රෝහලට COVID -19 ආසාදිත යැයි සැක පිට ඇතුලත් කරනු ලැබූ රෝගීන් පස් දෙනෙකු රෝහලෙන් පලා ගොස් ඇති අතර ඉන් එක් කාන්තාවකගේ සේවාදායකයා ඇතුළු පවුලේ සාමාජිකයෙකු සහ ඔහුගේ මිතුරෙකු COVID -19 වෛරසය ආසාදිත වූවන් යැයි ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබුනි.

ශ්‍රී ලංකාව තුළ COVID -19 වෛරසය ආසාදනය පැතිර යාම වැලැක්වීම සඳහා ගනු ලැබූ ඉතාමත් කාලෝචිත පියවරක් බව වසංගත රෝග මර්ධන විශේෂඥයන්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More