මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසයි.ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.
ඒ පිළිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ.
එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.
ඊට අමතරව රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.
ඒ, රෝග බෝ වීම හෝ පැතිරවීමට තුඩු දෙන ද්වේෂ සහගත ක්‍රියා සිදුකිරීම, රෝග නිරෝධායනයට බලපෑම් කිරීම මෙන්ම ජීවිත වලට අන්තරාදායක රෝගයක් පැතිරවීමට දායක වීම යන චෝදනා යටතේයි.
රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවතින විධි විධාන වලට අනූකූලව එවැනි පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...