දේශීය පුවත්

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව

තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇති අතර වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය පැවසුවාය.

ඒ අනුව, අදාළ නිලධාරිනිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇතැයිද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ආරම්භක පියවරක් ලෙස,  මේ සතියේ  මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට ‘ස්වයං නිරෝධායනය’ කිරීමට උපදෙස් දී ඇත.

එසේම අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා  කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවද එම අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සදහන් කළාය.

”මට ඇති කොරෝනාවක් නැහැ” – ඇමති දිනේෂ් කියයි

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ “මට කිසිම කොරෝනාවක් නෑ. මම ජිනීවා ගිහිල්ලා ඇවිල්ලා දැන් දවස් 15ක් වෙනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More