දේශීය පුවත්

නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද(08) උදෑසන හුණුපිටිය ප්‍රදේශයේ ඇති ආගමික ස්ථානයන්ගේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පළ කර සිටියේ නව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්ය.

රංජිත් මද්ධුමබණ්ඩාර මහතා තමාගේ හොඳම යහළුවෙක් බවත් ඔහුටවත් නිසි දැනුම් දීමක් නොකර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස පවසා අනතුරුව මෙම අමාත්‍යධූරය ලබා දී ඇති බවත් රටේ ආරක්ෂාවට කැමති සියලු දෙනා මෙම තීරණය නොපිළි ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නව පත්වීම සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයන්ගේ තීරණය තමා කිසි විටෙකත් පිළිනොගන්නා බවත් රට ද එය පිළිනොගන්නා බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

මහනුවර ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය නිසි තැන නිසි නායකත්වයක් නොමැති කමින් ඇති වු බවත් තමා සිටියේ නම් කිසි දා එවැනි සිදුවීමක් ඇති නොවන බවත් රට තුළ සාමය ඇති කර තමාට පළපුරුද්දක් ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සුළු සිදුවීම් හේතුවෙන් හිත් රිදවීම් ඇති වුවද ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යෑමට සුදානම් බව ත් අවශ්‍ය වු විට නිවැරදි තීරණයන් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More