ඉන්දියාවේ නාග්පූර් නගරයේ පිහිටි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රජයේ වෛද්‍යය විද්‍යාලය සතු රෝහලේ වෙනමම වාට්ටුවක රඳවා සිටි COVID-19 වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගීන් පස් දෙනෙකු ඊයේ(14) එම රෝහලින් පැන ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසති.
පසුගිය 13 වනදා ඔවුන්ට ඇතිවූ උන රෝගී තත්වය නිසා රෝහලට ඇතුලත් කළ අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීමේ උවමනාවෙන් ඔවුන්ව මෙසේ රඳවා තබා ගනිමින් වෛද්‍යය් පරීක්ෂණ කටයුතු කළ බව රෝහල් බලධාරීන් පවසති. මොවුන් අතරින් අඩුම තරමින් එක් අයෙකුවත් COVID-19 වෛරසය ආසාදිත රෝගීන් සමඟ ළඟින් කටයුතු කර ඇති බවට හඳුනාගෙන ඇති බව රෝහල් බලධාරීන් පවසති.
ඔවුන් අතර සිටි එක් කාන්තාවකගේ සේවාදායකයා ,ඔහුගේ පවුලේ උදවිය සහ ඔහුගේ හිතවතෙකු COVID-19 වෛරසය ආසාදිත වීම හේතුවෙන් මීට පෙර මෙම රෝහලෙන්ම ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍යය අංශ සහ ඉන්දීය පොලිසිය ඔවුන්ව අත් අඩංගුවට ගැනීමේ කටයුතු වල නිරත බව පැවසේ.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
මූලාශ්‍ර www.rt.com news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...