කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ශ්‍රී ලංකා ජනපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇත.
කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් ඔස්සේ අදහස් දක්වා තිබිණි.
ඊට පිලිතුරු ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි. තමන් සතුව ඇති දැනුම සහ යහභාවිත බෙදා ගැනීමටත් සාර්ක් සංවිධානයේ සාමාජික අනිකුත් රටවලින් ඉගෙන ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙන බව එම පණිවුඩයේ සඳහන් වේ.
එමෙන්ම මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...