දේශීය පුවත්

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් හෙට සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (14 වැනිදා) රාත්‍රියේදී ඒ බව පැවසීය.

මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බවත් ඇමතිවරයා පැවසීය.කොරෝනා වයිරසය (කෝවිඩ් – 19) පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් අද (ඉරිදා) හෝ හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

“කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම සඳහා තමයි අපි මේ නිවාඩුව දෙන්නේ. මේ නිවාඩුව විනෝද සවාරි යන්න එහෙම නෙමේ…“මේ වෙලාවේ කවුරු කවුරුත් වගකීමෙන් වැඩ කරන්න ඕනා“ යයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More