දේශීය පුවත්

වයඹ පළාතේ කිසිදු පොල් ඉඩමක්‌ කට්‌ටි කර අලෙවි කිරීමට මින් ඉදිරියට අනුමැතිය ලබාදීම වහාම නවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන අධිකාරියට මෙන්ම අදාළ නිලධාරීන්ට නියෝග කළේය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී ඊයේ (07 දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී ජනාධිපතිවරයා මෙසේ නියෝග කළේය.

වයඹ පළාතේ පොල් ඉඩම් කට්‌ටි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම නිගමනයට එළැඹියේය.

පොල් ඉඩම් කට්‌ටි කිරීම වයඹ පළාත පුරාම ශීඝ්‍රයෙන් සිදුවන බවත් මේ නිසා පොල් වගාව විනාශවීමේ තර්ජනයකට මුහුණපා ඇති බවත් මෙහිදී සඳහන් විය.

පළාත් පාලන ආයතන විසුරුවා හැර තිබියදී පොල් ඉඩම් කට්‌ටි කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ කවුරුන්ද, කුමන පදනමක්‌ මතදැයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

වයඹ පළාත් ආණ්‌ඩුකාරවරිය සහ වයඹ ප්‍රධාන අමාත්‍යවරයා මෙම පොල් ඉඩම් කට්‌ටි කිරීම් සම්බන්ධයෙන් අනුමැතිය ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා, පොල් ඉඩම් කට්‌ටි කිරීම සම්බන්ධයෙන් කඩිනමින් තමන්ට වාර්තාවක්‌ සපයන ලෙස දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා දැනුවත් කළේය.

මින් ඉදිරියට පොල් ඉඩම් කට්‌ටි කිරීම වළක්‌වාලීමේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද අදාළ නිලධාරීන්ට මෙහිදී ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More