නාවික හමුදාව සහ වන්කාලේ පොලීසිය එක්ව වන්කාලේ ප්‍රදේශයේ දී කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයේ නාවිකයින් පිරිසක් මන්නාරම, වන්කාලේ පොලිසිය හා එක්ව 2020 මාර්තු 13 වන දින වන්කාලේ ප්‍රදේශයේදී ක්‍ෂණික මාර්ග බාධකයක් යොදා පරීක්‍ෂා කිරීමේදී සැක සහිත සුඛෝපභෝගි මොටර් රථයක් නිරීක‍්ෂණය කර එම රථය පරීක්‍ෂා කර ඇත.
එහිදී එහි සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම කසළ තේ කොළ කිලෝග්‍රෑම් 224 ක තොගය සොයාගෙන ඇති අතර, මෝටර් රථයේ සිටි සැකකරුවන් තිදෙනෙක් එම කසළ තේ කොළ තොගය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 සහ 20 යන වයස් වල පසුවන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා, කසළ තේ කොළ තොගය සහ මෝටර් රථය පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතු වන්කාලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...