කෝවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන රැස්වීම් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
කුඩා රැස්වීම් සහ බිම් මට්ටමින් පවත්වන රැස්වීම් පමණක් පැවැත්වීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත.
එක්සත් ජාතික පක්ෂයද ප්‍රධාන දේශපාලන රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇත.
පෝස්ටර් ඇලවීම නතර කර ඇති වකවානුවක කුඩා රැස්වීම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දීමට නියමිතය.
මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරක කටුයතු වැඩි වශයෙන් සිදු කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
සමගි ජන බලවේගය සිය ප්‍රචාරන කටයුතු ලබන 20 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම පක්ෂය ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටියි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...