දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන ජාතිවාදී අරගලය පිටුපස දේශපාලන වුවමනාවක් තිබෙන බවත්, එය ජාතිවාදය උත්සන්න කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය.

බලයේ සිටින පිරිස් බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත්, බලය අහිමි වූ පාරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම වෙනුවෙනුත් මෙය ප්‍රයෝජනයට ගන්නා බව ඒ මහතා පවසා සිටියේය.

අනුර කුමාර මහතා මෙසේ පැවැසූයේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ඉන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ජාතිවාදී කෝලාහල කිසිසේත්ම අපේ රටේ ජනතාවට හෝ අප රටට හිතකර තත්ත්වයක් ඇති නොවන බව මහනායක හිමියන් පෙන්වා දෙනු ලැබූ අතර, මේ තත්ත්වයන් වර්ධනය වන්නට ඉඩ නොදී සැමදෙනාම සාමකාමීව හැසිරිය යුතු බවත්, ජාතිවාදී ගැටුම් කිසිසේත්ම ප්‍රතිඵලයක් නොවන බවත්, සෑමදෙනාම ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මහනායක හිමියන් අවධාරණය කළ බව ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More