දේශීය පුවත්

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනාශය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දේශපාලන අනාථයින් බවට පත්කිරිම සම්බන්ධවයි’ යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිටු 12කින් යුත් ලිපියක් හිටපු ජනාධිපති, වත්මන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‌වෙත යොමුකර තිබේ.

හිටපු ජනාධිපතිනීය එහිදි පෙන්වා දි ඇත්තේ අප ගොඩනැගීමට වෙර දැරූ පාලනය හරහා තම දුෂිත හා ආත්මාර්ථකාමී අරමුණු ඉටුකර ගත නොහැකි බැවින්, ඇතැම් කූඨ දේශපාලන නායකයන් විසින් එම උතුම් ව්‍යාපෘතිය විනාශ කර දමා, 2015 දර්ශනය වෙනුවෙන් තවමත් පෙනී සිටින මා වැනි චරිත දේශපාලන වශයෙන් විනාශ කිරීමේ උත්සාහයක යෙදී සිටින බවයි.

“මාගේ ප‍්‍රතිපත්තිගරුක බවට ද, කිසිදා නොවෙනස් වන අවංක බවට ද, ඍජු සහ විනයගරුක බව මත පිහිටා ඇති මාගේ ආත්ම ශක්තියටද බිය වන්නේ,රාජ්‍ය බලය තමාට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගෙන සිටින නායකයින් යැයි කියාගන්නා පුංචි මිනිසුන් පිරිසක් පමණී.”

මාගේ දේශපාලන පෞරුෂය සහ අනේක දුක් විද මා දිනාගෙන ඇති ජනතා විශ්වාසය විනාශ කළ හැකි යැයි ඔබතුමා සහ ඔබේ සහචරයන් විශ්වාස කරන්නේ නම්, ඒ පුහු සිහිනයක් බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩිව අවධාරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More