දේශීය පුවත්

නීතිවිරෝධී සහගත අත්තනෝමතික රඳවා ගැනීම් හා ලිංගික අපයෝජන ඇතුළු බරපතළ මානව හිමිකම් කඩවීම් රැසක් ශ්‍රී ලංකාවේ සිදුවන බවට චෝදනා රැසක් සඳහන් කරමින් ඇමරිකානු එක්සත් ජනපදය විසින් සිය 2019 වාර්ෂික මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කර තිබේ.

එරට රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියන් විසින් නිල වශයෙන් නිකුත් කර ඇති මානව හිමිකම් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය විසින් සිදු කරන නීතිවිරෝධී සහගත රජයේ නියෝජිතයන් විසින් වධහිංසා පැමිණවීම් ලිංගික අපයෝජන, රජයේ ආයතන විසින් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, අදහස් ප්‍රකාශ කිරී‍ම් නිදහස සීමා කිරීම, මාධ්‍යවේදීන් සහ කතුවරුන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය අවහිර කිරීම, දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියා ශ්‍රී ලංකාවේ සිදුවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට අමතරව සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට එරෙහිව කටයුතු සිදුවීම හා සමලිංගික පුද්ගලයන් අතර ලිංගික හැසිරීම් අපරාධමය වරදවල් ලෙසින් සැලකීමද ශ්‍රී ලංකාවේ සිදුවන බව ඇමෙරිකාව විසින් අදාළ වාර්තාවෙන් චෝදනා කර තිබේ.

එසේම මානව හිමිකම් උල්ලංඝණය කිරීමට එරෙහිව සිදුකළ ඇතැම් නිලධාරීන් පිළිබඳව විමර්ශන සිදු කර නඩු පැවරීමට රජය පියවර ගෙන තිබුණද, පොලිසිය බොහෝ විට වෝදනා නොලැබූ සිවිල් පුද්ගලයන්ට හිරිහැර කිරීම් සිදු කරන බවට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 30/1 යෝජනාවට අනුව එකඟතාව පළ කර ඇති ආකාරයට 1983-2009 කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී අපරාධ සිදු කළ බවට ​චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවද එහි සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More