දේශීය පුවත්

මහනුවර සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ අලුත් පක්ෂයක සාමාජිකයින් පිරිසක් සම්බන්ධ බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා දිණමිණ පුවත්පතේ පලවී තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිදායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අණ්ඩු පක්ෂයෙන් විමසීමත් සමග මීට ස්වල්ප වේලාවකට පෙර මැතිසබය තුල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම මන්ත්‍රිවරුන්ගේ සහ අනෙකුත් අයගේ නම් ගම් හෙළිකරන ලෙසට අනුර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රකාශයට එරෙහිව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විරෝධය පළකලහ.

ගැටුම සමතයකට පත් නොකර ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දඩයම් කිරීමට උත්සාහ ගන්නා බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකර තිබෙන්නේ අසත්‍ය ප්‍රකාශයක් බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. 1983 දී කලු ජූලිය ඇතිකළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය ඇතිලු දේශපාලන පක්ෂ තහනම් කළේ මේ ආකාරයෙන් බවද දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

‍මෙහිදී සිසිර ජයකොඩි, විමලවීර දිසානායක යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා අතර දැඩි උනුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. ජනතා විමුක්ති පෙරමුනේ නායකයා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වෙලා කැතයි ලැජ්ජයි යනුවෙන් සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා කෑගැසුවේය. මෙන්න පිස්සෙක් පිස්සෙක් කෑගහන්නේ නැතිව වාඩිවෙනවා යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිචාර දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More