ආණ්ඩුව සකස් කර ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් අතුරුදන් කරවුවන් පිළිබ අන්තරුජාතිකපඥප්තියට හා අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයට විරුද්ධව මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 26 වැනිදා සග සමුළුවක් පවත්වන බව දේශප්‍රේමි භික්ෂු පෙරමුණේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසුහ.
ම්ව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කරන මෙම සඟ සමුළුව සහා භික්ෂුන් වහන්සේලා 2000 ක් පමණ වැඩම කිරීමට නියමිත බවද උන්වහන්සේ සදහන් කළහ.
එම අවස්ථාවට වැඩම කරන භික්ෂුන් වහන්සේලාගේ අත්සනින් යුතුව සන්දේශයක් සකස්කර ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ට බාරදීමටසැලසුම් කර තිබෙන බවත් ඒ හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලහත්කාරයෙන් අතුරුදන් කරවුවන් පිළිබද අන්තර්ජාතික ප්‍රඥප්තිය හා අතුරුදන්වූවන් පිලීබද කාර්යාලය ඉවත්කරවාගැනීමට බලාපොරොත්තු වන බවද එහිමියෝ පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...