දේශීය පුවත්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් අද(12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි.

කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි.

කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More