පුරවැසි කොලම

පිළිකා නසන දේශීය ආහාර

March 9, 2020 10:53 pm | Lanka Lead News

අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි

– අප ගනු ලබන ආහාර පාන දුර්වල නම් අපගේ ශරීරය දුර්වල වේ

– අප ගනු ලබන ආහාර පෝෂ්‍යදායී නම් අපගේ ශරීරය ශක්ති සම්පන්නවේ

සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත

වර්තමානයේ පිළිකා රෝග බහුලවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස පවසන්නේ අප ගනු ලබන ආහාර පාන වර්ගය.

නමුත් පිළිකා නසන ආහාර වර්ග ද ඇත.

ඒවා මොනවාදැයි කියා හරිහැටි දැනගතහොත් එම ආහාර නිතර ආහාරයට ගෙන පිළිකා ඇති වීම පාලනය කරගත හැකිය.

වෛද්‍යතුමනි දේශීය වෛද්‍ය ක‍්‍රමයට සහ පාරම්පරික ආයුර්වේදයට අනුව පිළිකා නසන ආහාර පාන මොනවාද?

අප සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ආහාරපාන මත යැපෙමිනි. අප ගනු ලබන ආහාර පාන දුර්වල නම් අපගේ

ශරීරය දුර්වල වේ. අප ගනු ලබන ආහාර පෝෂ්‍යදායී නම් අපගේ ශරීරය ශක්ති සම්පන්නවේ. ඒ අනුව පිළිකා නසන ගුණ සහිත ආහාර වර්ග ද බොහෝ ඇත. ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීම අවම කරගත හැකිය.

සහල්

දේශීය සහල් වර්ග සියල්ලක්ම වාගේ පිළිකා නසන ගුණ සහිතය. සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත.

සහල්වල පිළිකා සහිත බව ඇති වන්නේ එය තැම්බීමෙන් පසු යළි රත් කිරීමේදීය. වර්තමානයේ බොහෝ දෙනා ආහාරයට ගනු ලබන ෆ‍්‍රයිඞ් රයිස් යනු තම්බා යළි රත් කළ බත්ය. මේවා නිතර ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම වැඩි වේ.

රසකාරක

ආහාර රසවත් කිරීම සඳහා භාවිතා කරන කහ, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, වියළි ඉඟුරු, සුදු ලූනු ආදී රසකාරකවල පිළිකා නසන ගුණ ඇත.

තෙල්

තලතෙල්, මීතෙල්, ඔලිව් තෙල් පිළිකා නසන ගුණ සහිත තෙල් වර්ගය.

එළවළු

දම්පාට ගෝවා, ලීක්ස්, කැරට්, දම්පාටට හුරු රාජාල, ඉන්නල, හුලංකීරිය, කටු අල, මඤ්ඤොක්කා, තක්කාලි, කරවිල, පුහුල්, බීට්රූට්, බිම්මල්, මින්චි, මුරුංගා සහ මුරුංගා කොළ, කෙසෙල්මුව, කොහිල අල

ධාන්‍යවර්ග

මුංඇට, කව්පි, කඩල, තල, මෙනේරි, කොල්ලූ, කුරහන්

පලා වර්ග

ගොටුකොළ, මුකුණුවැන්න, තෙබුකොළ, කොහිල දළු, කෝවක්කා කොළ

මෙම ආහාර වර්ග ගැනීමෙන් ලේවල ඇති ඝනත්වය අඩු කරයි. එනම් භාෂ්මික තාව වැඩි කරයි. ලේවල ඝනත්වය ඇති කිරීමට හේතු වන ආහාර වන්නේ ආම්ලිකතාවය වැඩි ආහාර වර්ගය. එම ආහාර නිතර ගැනීමෙන් ලේවල ඝනත්වය වැඩි වී ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිර සැපයුම අඩු වී එම ඉන්ද්‍රියයන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම ඉන්ද්‍රියයන්හි පිළිකා හටගත හැකිය. එසේම ලේවල ඝනත්වය වැඩි වීමෙන් ඉතා පහසුවෙන් පිළිකා ෙසෙල හටගනී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More