පුරවැසි කොලම

මේ මහපොළවට ආයම වලගම්බා තරමට ආදරය කරනවා කියලා ජනතාවට දැනෙන නායකයෙක් අපිට ගෝඨාභයගෙන් හදා ගන්න ඕන.

මේ රටේ පරාක්‍රමබාහු වගේ ගොවිතැන ගොඩ නගන නායකයෙක් අපට ගෝඨාභයගෙන් හදා ගන්න ඕන.

මේ රටේ ලාංකික ජාතිකවාදය ගොඩ නගන නායකයෙක් අපට ගෝඨාභයගෙන් හදාගන්න ඕන.

මේ රට ගොඩ නගන්න පුළුවන්.

උතුරා යන රට ගැන අප්‍රමාණ ආදරයක්❤

රටේ ඊලග පරම්පරාවට මොනවා හරි දෙයක් ගොඩනගන්න ඕන කියන හිතිවිල්ලක් ❤

මේ රටේ සම්පත් රටට ගැලපෙන ආකාරයට රටට වාසි වෙන ආයෝජනයකට යෙදවීමක්❤

කරන්න පුළුවන් නායකයෙකුට සහ ඔහු ගේ දැක්ම නිවරදිව ක්‍රියාවට යොදවාගන්න පුළුවන් කංඩායම එක්ක ❤❤

මේ රට නැගිටුවන්න ගෝඨාභයට පුළුවන්.

චීනය ගොඩ ආවේ චීන ජාතිකවාදය ඉස්සරහට අරගෙන

ඉන්දියාව ගොඩ එන්නේ ජාතික වාදය වපුරාගෙන

වියට්නාමය ගොඩ එන්නේ සමාජවාදයට වඩා වියට්නාම ජාතික වාදය ඉස්සරහට තියාගෙන.

අපේ රටේ ජනතාව දුක් විදින්න තව දුරටත් සූදානම් . තාප්ප සුද්ධ කරලා චිත්‍ර සායම් කරගෙන

පුරන් කුඹුරැ අස්වද්දන්න කර දීගෙන රටේ තාරැණ්‍යය ⁣ඒ කැපවීම පෙන්නුවා.

රට ඇතුලේ ජනතාව දැඩි පාලකයෙක් බලා පොරොත්තු වෙනවා ගෝඨාභයගෙන්.

මිනිස්සු ගෝඨාභය ජනාධිපති කරලා

ඔහු එක වාහනයක් පාවිච්චි කරනවා ජනාධිපති මංදිර පාවිච්චි නොකරනවා ගුවන් තොටුපලේ සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය පාවිච්චි කරනවා රාජ්‍ය ආයතන වලට හදිසියේ කඩා පනිනවා වගේ

දේවල් වලටත් වඩා යමක් බලාපොරොත්තු වුනා

ඒවා හොදයි. නමුත්

ජනතාව ඒවාට වටිනාකමක් දෙන්නේ

රවී කරැණානායකලා හංගිලා පැය 72 ගතවෙන කොටත් අල්ලගන්න බැරි රටක් ඇතුලේ නෙවෙයි

ගෝඨාභය ඉන්නකොට රටේ නීතියට කොකම් පාන එකෙක් පැයක් හැංගෙන්න බෑ කියන තියරියට වැඩත් සිද්ධ වෙන රටක් තුළ.

ඒවා වැඩි වටිනාකමක් ලැබෙන්නේ ගෝඨාභයගේ යටතේ දිගින් දිගටම චෝදනා එල්ල වෙන පරිසර ඇමති තුමෙක් නැති වටපිටාවක් ඇතුලත.

මේ රටට ගෝඨාභය පණ වගේ ආදරෙයි කියලා කීවට වැඩක් නෑ

මිනිස්සු දැඩි තීන්දු හරහා ගෝඨාභය මහ පොළවට පණ වගේ ආදරය කරනවා කියලා පෙන්නන්න ඕන.

රටේ ජනතාව උවමනාවෙන් කඩා වට්ටපු රටක් ගොඩනගන්න හොයන්නේ හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නෙවේ

බැමිනිමිටියා මහා සායත් එක පඩු පාන්ඩ්‍යය දාථිය පීටියලා වැනි සොළී හමුදාවක් එක්ක උවමනාවෙන් කඩා වට්ටපු රට ගොඩ නැගුව

වලගම්බා තරම් ලොකු චරිතයක්. ❤

වළගම්බලා ඉදිරියට ගත්තේ රටේ,ජාතිකවාදය එක්ක ගමනක්.

ගෝඨාභය ඉදිරියේ ලියවිලා තියෙන්නේ ඒ ගමන.

මේ රටේ ඊලග පාර්ලිමේන්තු ජන්දයෙන් ජනතාව කරදරයක් නැතුව යන්න උවමනා මිනිස්සු ටික තෝරලා දේවි

ස්භාව ධර්මය විසින් රටට වින කරපු විපක්ෂය දැන් කෑලි කෑලි වලට වෙන් කරමින් දුර්වල කරමින් තියෙන කොට

ගෝඨාභයට දැඩි තීන්දු සමග රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා ජනතාවට පෙන්වන්න පුළුවන්.

මේ රට ජාතික වාදය ඔස්සේ යන ගමන ගැන රටේ තරැණ පරම්පරාව තිබ්බ විශ්වාසය නැවත තහවුරැ කරොත්

ඉතිහාසයේ ජනාධිපති කෙනෙකුට ලැබෙන ඉහලම හයිය මේ රටේ දේශප්‍රේමී ජනතාව දෙනවා.

…………. නුවන් මොණරවිළ …………..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More