පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කරන ලද මාර්තු 02 වැනිදා සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක් කාලයේදී දේශපාලඥයන් ඊට පෙර සහභාගිවූ වැඩසටහන් මාධ්‍ය ඔස්සේ නැවත නැවත විකාශනය කරන බවට පැමිණිලි ලැබෙමින් පවතින එබැවින් එම වැඩසටහන් නැවත නැවත විකාශනය නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
එමගින් දේශපාලඥයන් ප්‍රවර්ධනය වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණය දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර දේශපාලනඥයන් සහභාගි වූ වැඩසටහන් මෙලෙස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නැවත නැවත ප්‍රචාරය වන බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබෙමින් පවතින බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
දේශපාලනඥයන් සහභාගි වූ ඇතැම් දේශපාලන වැඩසටහන්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, සංවර්ධන කටයුතු හෝ එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධ වැඩසටහන්, චිත්‍රපට, ටෙලි නාට්‍ය, සංගීත ප්‍රසංග, ගී තේරීමේ වැඩසටහන් හෝ එවැනි ස්වභාවයේ වැඩසටහන් නැවත නැවත ප්‍රචාරය වනබවටද පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණයකදී සෑම අපේක්ෂකයකුටම සම භූමියක තරග කිරීමේ අවකාශය මෙවැනි දේ මගින් අභියෝගයට පත්වන බවද එම කොමිසම පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...