දේශීය පුවත්

සීමාවෙන් එහා සංසදය විසින් පවත්වනු ලැබු ‘කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත’ විද්වත් කතිකාව පසුගිය දා කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම අදහස් පල කලේය.

ජනතාවගෙන් වැඩි දෙනෙක් බෝ නොවන රෝගවලට ගොදුරු වීම තමයි අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වී තිබෙන්නේ. අපේ ජීවන රටාවත් විශේෂයෙන්ම ආහාරත් මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

අපේ ආහාර ගැන කතා කරන විට කිරි ගැන කතා නොකර බැහැ. මොකද මේ වන විට එය රටේ ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවා. අපේ ආහාර කාණ්ඩ 6 අතර තිබෙන එක කාණ්ඩයක් පමණයි මේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන.

නමුත් බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ ප්‍රධානතම ප්‍රෝටීන ලැබෙන මාර්ගය කිරි කියලයි. නමුත් කිරි වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අපට වෙනත් ආහාරවලින් ලබාගන්න පුළුවන්. අපේ දේශීය සහල් වර්ග බොහොමයක ප්‍රෝටීන ග්‍රෑම් 11ක් අඩංගු වෙනවා.

වරක් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියා දුන්නා වෙන සතෙකුගේ කිරි බොන එකම සතා මිනිසා බව. ඒ වගේම අපි ලොකු වෙලත් කිරි බොනවා. අනික් සතුන් කිරි බොන්නේ කුඩා කාලයේ පමණයි. අපිට කිරිපිටි වර්ග බොහොමයක් ලැබෙන නවසීලන්තයේ මිනිසුන් නම් බොන්නේ දියර කිරි. ඔවුන් කිරිපිටි නිෂ්පාදනය කරන්නේ අපනයනයට.

කිරිපිටි පානයෙන් අප ලෝකයේ 4 වෙනි ස්ථානයට පත්වෙලා. මෙම කිරිපිටි ආනයනය නතර කළහොත් පාසැල් සිසුන්ට අත්‍යවශ්‍ය වෙනත් පහසුකම් ලබාදීමට එම මුදල් යොදවන්නට පුළුවන්. මෙතරම් මුදලක් වියදම් කරලා පිටරටින් ආනයනය කරලා අපි ඇත්තටම බොන්නේ කිරි ද?

කිරි පිටි නිෂ්පාදනයේදි ප්‍රෝටීන් ටික අයින් කර ගන්නවා. ප්‍රෝටීන් ටික ඉවත් කර ගත්තාට පස්සේ මෙයට විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. කිරිවල මේදය ටික අයින් කරලා බටර් චීස් වලට විකුණල ඒ වෙනුවට බුද්ධික පතිරණ මහත්මයා පාර්ලිමේන්තුවේ කිව්වා වගේ මේකට ඌරු තෙල් ඇතුළු විවිධ සත්ව තෙල් වර්ග ඇතුළෙ කරන බව කියවෙනවා.

නමුත් දැන් ඒ වෙනුවට කටු පොල් තෙල් හෙවත් පාම්ඔයිල් එක්කරන බව කියවෙනවා. ළදරු කිරි පැකට්ටුවේ පවා ඒ බව සඳහන් කරලා තියෙනවා. එය බොරු යැයි කියන්නේ නැහැ.

මා ලඟ දත්ත තියෙනවා ඔබට පෙන්වන්නට චීනයේ වගේ හතර ගුනයක් කටු පොල් තෙල් නවසීලන්තයට ආනයනය කරනවා. ඒක නිසා මෙතන කෘතිම දෙයක් තමයි අපි බොන්නේ කිරිපිටි කියලා. රසායනික ද්‍රවනයක්. එය අපේ කිරි කියන නිර්වචනයට අයිති නැහැ. කිරි කියන දේට විද්‍යාත්මකව සැසදෙන්නෙත් නැහැ. කිරිපිටි වලට අප දමන වතුර ටික විතරයි වෙන්නැති ඇතැම්විට ස්වභාවිකව ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ මුදල්වලින් මුද්‍රණය කරලා නමුත් අලවන්නේ නැතුව තියාගෙන ඉන්න පෝස්ටරයක් මා ඔබට පෙන්වන්නම්. එහි පැහැදිලිව සඳහන් වෙනවා කිරි නිසා ඇතිවන අන්තරායන් විසි එකක් ගැන.

බුද්ධිය හීන වෙන්න පුළුවන් අසාත්මිකතා හෘද රෝග ස්ථුලතාව පිළිකාව ඇතිවෙන්න පුළුවන් කියන එක මේ පෝස්ටර් දැක්කහම ඔබට හරි පැහැදිලියි. යුනිසෙෆ් සංවිධානය කියන්නෙත් මෙවැනිම කතාවක්. අවාසනාවකට දේශපාලන වෙනස්කම් එක්ක දැන් මේ පෝස්ටරය ප්‍රදර්ශනය කරන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More