පුරවැසි කොලම

ඒමන්ති මාරඹේ
ලොව පුරා උග‍්‍ර වසංගත තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය (කොවිඞ් – 19* වැඩි වශයෙන් පැතිර යමින් පවතින ඉතාලියේ එම වෛරසය ශරීරගත වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (05දා* දහවල් වන විට 107 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ලොව පුරා එම වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3286 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මේ අතර කොරෝනා වෛරසය ඉතාලිය තුළ ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් එරට රජය ඊයේ සිට දින 10 ක කාලයක් එරට සියලූම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබිණි. ඉතාලියෙන් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 3089 දෙනකු වාර්තා වී තිබිණි. යුරෝපා රටවල් අතුරින් සෙසු වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් වනුයේ ප‍්‍රංශය (285*, ජර්මනිය (262* හා ස්පාඤ්ඤයයි (228*.

ඊයේ දහවල් වන විට ලොව පුරා රටවල් 84 කින් වාර්තා වී තිබූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95,496 දෙනෙක් වූහ. ඊයේ වන විට මෙම වෛරසය ශරීරගත වූවන්ගෙන් 53,689 දෙනකු සුව වී තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සංඛ්‍යාව 6420 දෙනෙකි.

ඊයේ වන විට වාර්තා වී තිබූ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 80,430 දෙනකු චීනයෙන් වාර්තා වී ඇති අතර මරණවලින් බහුතරය වන 3013 ක් වාර්තා වී ඇත්තේ එම රටිනි. ආසියාවේ චීනය හැරුණු කොට වැඩිම වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙන් වන අතර එරටින් ආසාදිතයන් 5766 දෙනකු සහ මරණ 35 ක් ඊයේ වන විට වාර්තා වී තිබිණි. අරාබි රටවලින් කොරෝනා වෛරසය වැඩිම පැතිරීමක් පවතින ඉරානයෙන් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 2922 දෙනකු වාර්තා වී තිබූ අතර මරණ 92 ක් සිදුව තිබේ.

අසල්වැසි ඉන්දියාවෙන්ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 29 දෙනකු වාර්තා වී තිබේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයෙන්ද කොරෝනා ආසාදිතයන් හා මරණ වාර්තා වීම් නිසා එරට කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත. සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරය වෙත පැමිණි ‘‘ප‍්‍රින්සස් කෘස්’’ නමැති මගී නෞකාවේ සිටින මගීන් 62 දෙනකු නිරෝධායනයට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එයට හේතු වී ඇත්තේ එම නෞකාවේ සිටි 71 හැවිරිදි කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පදිංචි පුද්ගලයකු කලින් එම වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබීම නිසාත් ඉහත කී පිරිස ඔහු සමග සම්බන්ධතා පවත්වා තිබීම නිසාත්ය.

දැනට කොරෝනා වෛරස් ආසාදිතයන් 52 දෙනකු වාර්තා වී තිබෙන ඔස්ටේ‍්‍රලියාවේ බොහෝ වැසියන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ මිල දී ගැනීමට වඩා වැසිකිළිවල භාවිත කරනු ලබන ‘‘ටොයිලට් පේපර්ස්’’ වැඩි වශයෙන් මිලට ගැනීමට පෙළඹී තිබීම හේතුවෙන් එරට ප‍්‍රධාන නගරවල ඇතැම් සුපිරි වෙළඳසල්වල අලෙවියට තබා තිබූ එම ‘‘ටොයිලට් පේපර්ස්’’ රෝල් සියල්ල විකිණී අවසන් වී ඇති බව ඔස්ටේලියානු මාධ්‍ය පවසයි. මෙසේ ටොයිලට් පේපර්ස් වැඩි වශයෙන් ඔස්ටේ‍්‍රලියානුවන් විසින් මිල දී ගැනීමට පෙළඹී ඇත්තේ කොරෝනා වෛරසය නිසා හදිසි තත්ත්වයක් පැමිණියහොත් එම වෙළෙඳපළේ එම ටොයිලට් පේපර්ස් හිඟ වනු ඇති බවට ඔවුන් සැක කිරීම නිසා බව වාර්තා වේ.

එම ටොයිලට් පේපර්ස්වලින් බහුතරය ඔස්ටේ‍්‍රලියාව විසින්ම නිපදවීම නිසා එවැනි හිඟයක් පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ඔස්ටේ‍්‍රලියානු ඇමැතිවරයකු පවා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබුණද එයින් ප‍්‍රයෝජනයක් වී නොමැත. ඇතැම් මාධ්‍ය ජාල විසින් ජායාරූප පළ කර තිබුණේ ඔස්ටේ‍්‍රලියානුවන් විසින් සුපිරි වෙළෙඳසල්වල පවතින තල්ලූ කර ගෙන යන බඩු කරත්ත (කාට්ස්* පිරවෙන තරමට ටොයිලට් පේපර් රෝල් මිලදී ගෙන යන ආකාරයයි. ඇතැම් සුපිරි වෙළෙඳසල්වලට එම ටොයිලට් පේපර් රෝල් 4 කට වඩා එක් පාරිභෝගිකයකුට මිල දී ගත නොහැකි බවට සීමාවක් පැනවීමටද මෙම තත්ත්වය නිසා සිදුව තිබිණි.

කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑම නිසා ඉරානයේ සිරගෙවල්වල සිටින සිරකරුවන් 54,000 කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව නිදහස් කිරීමට එරට රජය පියවර ගෙන ඇත්තේ එම වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More