පුරවැසි කොලම

අපට අවශ්‍ය කරන්නේ රට ගැන හිතන අය විනා තමන්ගේ දේශපාලන පක්ෂයට මුල්තැන දෙන අය නොවේ. අපට තදින්ම වැදගත් වන්නේ අපේක්ෂකයා අලුත්ද, පැරැණිද, උගත්ද නැද්ද, තරුණද මහළුද, දුප්පත්ද පොහොසත් ද, ලස්සනද කැතද යන්න නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම සහ මෙහෙවර සමඟ ඉදිරියට යන්නේද නැද්ද යන කාරණයයි. මහජනතාව නිතරම රට පැත්තේ හිටගනියි. ඔවුන් දේශපාලන පක්ෂවල පැත්තේ හිටගන්නේ නැත. ඔවුහු පසුගිය ජනාධිපතිවරණයේදී මේ බව ඔප්පු කළහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨ‍යේ සංස්කෘත සහ පෙරදිග අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙකි. ඔහු හුදෙකලා සිද්ධිවලට අත ගසන්නේ ඒවා අත්‍යවශ්‍ය නම් පමණකි. පසුගිය ජනාධිපතිවරණයට තරග කළ අනිත් තරගකරුවා තනි තනි කාරණා මුල් කරගත්තේ ඔවුන්ට ප්‍රතිපත්ති නොමැති නිසාය. ජනාධිපතිවරයා මෙහෙයවිය යුත්තේ ප්‍රතිපත්තිමය කාරණා විනා තනි කාරණා නොවෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නැඟිටීම මේ රටේ අනිත් කිසිදු ජනාධිපතිවරයකුගේ නැඟිටීමට සමාන කළ නොහැක. එය එක්තරා දුරකට සමාන කළ හැක්කේ මේ රටේ පහළ වූ ප්‍රබලම ජනාධිපතිවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ නැඟිටීමටය. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ නායකයා කරගැනීමට ශ්‍රී ලංකාවේ මහජනතාවට අවශ්‍ය විය. ඔහු දේශපාලන පක්ෂයක නායකයකු ලෙස ඉදිරියට පැමිණියේ නැත. පොදු ජනතාවට ඔහුගේ පැමිණීම අවශ්‍ය විය. ඔහු සැබෑ ජනතා නායකයකු වේ.

ශ්‍රී ලංකාවේ ජනතාව ඔහුගේ හැකියාවන් හොඳින් හඳුනන බවත්, ඔහුගේ ජයග්‍රහණ ඇසින් දැක ඇති බවත් එබැවින් ඔහුගේ ජයග්‍රාහී නායකත්වය ගැන ප්‍රීතියට පත් වී සිටින බවත් දක්නට ලැබේ. ඔහු මානුෂීය මෙහෙයුම අවසන් කළේ කෙසේද, රට ලස්සන කළේ කෙසේද, පිරිසුදු කළේ කෙසේද යන්න ඔවුහු දුටහ. අද දවසේ ඔහු පූර්ණ ශක්තියකින් තොරව රට පාලනය කරගෙන යයි. හෙට දවසේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔහුට ලබාදීමෙන් පූර්ණ වශයෙන් රට පාලනය කරගෙන යාමේ හැකියාව ඔහුට ලැබෙනු ඇත. ඔහු වැඩෙහි යෙදෙන බව ජනතාව දකින්නේ එකවරම රජයේ ආයතනවලට පැමිණ සිදු කරන සොයා බැලීම්වලදීය. ජනතාවගේ තනි කාරණාවලට පිළිතුරු ලබා දෙන්නේ ඒ ආකාරයෙනි. ඔහු සෙමෙන් සහ ක්‍රමානුකූලව ප්‍රතිපත්ති වෙනස් කරවයි.

අතීතයේ දී පුද්ගල කාරණා ගැන අවධානය යොමු කිරීමේ දී ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අතපසු කර අමතක කර තිබිණි. උදාහරණ ලෙස ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය, සරත් ෆොන්සේකා සිද්ධිය, එක්නැළිගොඩ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග සිද්ධිය සහ තාජුඩීන් සිද්ධිය දැක්විය හැක. මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්න ඇති තරම් තිබේ. ඒත් දේශපාලනඥයෝ ජනතාවට පවසන්නේ මූලිකත්වය දිය යුතු ප්‍රධාන ප්‍රශ්න මේවා බවයි. මේවා ජනතාවගේ ප්‍රශ්න බවයි.

මෙවැනි දේවල් සාකච්ඡා කරනවා විනා පොහොර ප්‍රශ්නය, ජීවන වියදම, විරැකියාව හෝ ඉහළ බදු යනාදී ජනතාවට දැනෙන ප්‍රශ්න ලෙස සංවාදයට ගෙන ආවේ නැත. හිටපු ආණ්ඩුව සහ එහි දේශපාලනඥයන් මේ ප්‍රශ්නවලට අයිසින් දමා ලස්සනකොට ඒවා ඉදිරියට ගෙන ආවේය. ජනතාවගේ ඉල්ලීම මත ඉදිරියට ගෙන ආ බව කියමින් ඇතැම් ඒවා විසැඳූ බව ඔවූහු කීහ.

එහෙත් කලින් සිටි ආණ්ඩුව සහ දේශපාලනඥයන් මහජනයාට ඇති සැබෑ ප්‍රශ්න ඉවත දමා තිබිණි. ඔවුහු ජනතා ප්‍රශ්න යැයි කියමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න ඉදිරියට ගෙනැවිත් ඒවා විසැඳූ බව පෙන්නුම් කළහ. මහජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැත. පිළිතුරු සහ ප්‍රශ්න දෙකම ඔවුන්ට ඉදිරිපත් කළේ බලහත්කාරයෙනි.

කලින් ආණ්ඩුව ඉදිරියට ගෙන ආ යහපාලනය තවත් දෙයක් සිදු කළේය. ඒ කිසිම හැඩයක්, නමක්, හැඳින්වීමක්, උත්පත්තියක් නැති දෙයක් ඉදිරියට ගෙන අවුත් එයට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කීමය. සත්‍ය වශයෙන්ම නොපවතින මේ දෙය ඉදිරියට ගෙන ඒමට ඔවුහු නීතියසහ සාමය ස්ථාපිත කිරීම සහ නිදහස ස්ථාපිත කිරීම කියාත් පවසමින් කටයුතු කළහ. ඒ අතර යහපාලනය කියා තවත් වචනයක් ඉදිරියට ගෙන ආවේය. එයට කිසිම සීමාවක්, හැඳින්වීමක්, හැඩයක්, පැවැත්මක් හෝ වෙනත් කිසිම දෙයක් නොතිබිණි. එය තේරුමක් නැති වාක්‍යයක් පමණි. ජනතාව ඒ ගැන කිසිවක් දැනගෙන සිටියේ නැත. ජනතාව තවමත් ඒ ගැන හරියට කිසිවක් දන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථයෙන් ලොව පොහොසත්ම රාජ්‍යයක් ලෙස පැරැණි ලිබියාව දැක්විය හැකිය. දැන් එය ලොව දුප්පත්ම රාජ්‍යයන්ගෙන් එකකි. ලිබියානු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිවක්ම දන්නේ නැහැ. ලංකාවේ ජනතාවට ලබාදුන් යහපාලනයත් එවැනිම දෙයකි. එහි ප්‍රතිඵලය වූයේ නීතියක් නැති, පාලනයක් නැති රටක් බිහි වීමය. දැන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට බලයක් නොමැති අතර බලතල ස්වාධීන කොමිසම් යැයි කියන ඒවාට ලබා දී තිබේ. එහෙත් මේ කොමිසන්වල සාමාජිකයින්ට ද බලතල නොමැත. රටේ බලය නැති කරදැමිමට යහපාලනය යැයි කියයි. මේ විනාශකාරී සංකල්ප ගෙන ආවේ බටහිර සහ අධිරාජ්‍යවාදී පුද්ගලයන්ය. ජනතා නායකයකු වන ජනාධිපති ගෝඨාභය ජනතා ප්‍රශ්න එකින් එක විසඳයි. එහෙත් ඔහු තවමත් තනි පුද්ගලයකු විනා ආණ්ඩුවක් වන්නේ නැත.

අප ඊළඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගෝඨාභයට දිය යුතුය. මහජනතාව අලුත් කෙනකුට ඡන්දය දුන්නේ අලුත් කෙනාට කැමැති වීමට වඩා පැරැණි කෙනාට අකමැති නිසාය. ඉතිහාසය පුරාම මිනිස්සු එක් පාලකයෙක් ගෙදර යවා අලුත් පාලකයෙක් පත් කරගෙන නැවත නැවතත් හිටිය උගුලටම වැටෙයි. එහෙත් දැන් ගෝඨාභය රාජපක්ෂ දැක්මක් සහ මෙහෙවරක් ඇතිව ඉදිරිපත් වනවා විනා පරණ මුහුණු, නව මුහුණු ඇතිව, අධ්‍යාපනයක් ලැබූ, අධ්‍යාපනය නොලැබූ පිරිසක් හෝ වෙනත් අයකු ඇතිව හුදෙක්ම ගමනක් යන්නේ නැත. එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ ලැබෙන එකම කාරණය වන්නේ සැබෑ දේශප්‍රේමීත්වයක් තිබේද මවුබිම පැත්තේ සිට ගන්නේ ද යන්න පමණි.

එළැඹෙන මහ මැතිවරණයේ තරග කරන ඕනෑම අපේක්ෂකයකුට පොදු එකම කාරණය මෙයයි. බහුතර අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ තම දේශපාලන පක්ෂයේ අවශ්‍යතාව අනුව මිස මාතෘභූමිය පිළිබඳ අවශ්‍යතාව අනුව නොවේ. අපට අවශ්‍ය කරන්නේ රට ගැන හිතන අය විනා තමන්ගේ දේශපාලන පක්ෂයට මුල්තැන දෙන අය නොවේ. අපට තදින්ම වැදගත් වන්නේ අපේක්ෂකයා අලුත්ද, පැරැණිද, උගත්ද නැද්ද, තරුණද මහළුද, දුප්පත්ද පොහොසත් ද, ලස්සනද කැතද යන්න නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම සහ මෙහෙවර සමඟ ඉදිරියට යන්නේද නැද්ද යන කාරණයයි. මහජනතාව නිතරම රට පැත්තේ හිටගනියි. ඔවුන් දේශපාලන පක්ෂවල පැත්තේ හිටගන්නේ නැත. ඔවුහු පසුගිය ජනාධිපතිවරණයේදී මේ බව ඔප්පු කළහ.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පක්ෂ නියෝජිතයන් විනා මහජන නියෝජිතයන් නොවන බව රටේ ජනතාව තේරුම්ගත යුතුයි. අනිත් අතට ශ්‍රී ලංකාවේ ජනතාව අතට බහුවරණ පිළිතුරු ඇති ප්‍රශ්න පත්තරයක් ලබා දී තිබේ. ඔවුන් තමන් ගැන දීර්ඝ විස්තර ලියනවාට වඩා නිවැරැදි පිළිතුර සොයා සටහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් බව දේශපාලනඥයින් තේරුම්ගත යුතුය. ඒ නිසා ජනතාවගෙන් ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය නම් දේශපාලනඥයන් මවුබිම පැත්තේ සිටගත යුතුයි.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලියාපදිංචියක් නැති විවාහයක් වැනි ය. මනාලයා සහ මනාලිය එහි සිටියහ. සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළ දෙදෙනෙක් ද එහි සිටියහ.ඥාතීන් සහ මිතුරන් ද එහි සිටියහ. ඒත් රෙජිස්ට්‍රාර්වරයා එහි සිටියේ නැත. ඒ නිසා එය නීත්‍යානුකූලව ලියාපදිංචි වී නොමැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් නීත්‍යානුකූලව අනුමත කළේ නැත. ඒ නිසා එය සම්පූර්ණයෙන්ම අමතක කළ හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළඟක් වැනිය. එය දකින්නට හෝ ස්පර්ශ කරන්නට නොහැකිය. අපට සීමාවන් දැක්විය නොහැකියි”

2020.02.17 ඩේලිනිවුස් පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරින් සැකසුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More