පුරවැසි කොලම

ගෝලීය වසංගතය

March 3, 2020 1:58 pm | Lanka Lead News

කොරෝනා වෛරසය පැතිරීමේ හා බලපෑමේ අවදානම ගෝලීයව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමට ළඟාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය පාලනය කිරීම තවමත් කළ හැකි බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය මේ වන විට ”තීරණාත්මක ස්ථානයකට” ළඟා වී ඇති අතර එය ”වසංගත තත්ත්වයක්” දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් ඝෙබි‍්‍රයේසස් මහතා ප‍්‍රකාශ කර තිබේ. රෝ බිය දසතම පැතිරෙන බව නම් සහතිකය. දකුණු කොරියානු ආණ්ඩුව ප‍්‍රකාශ කර ඇත්තේ තම රට වැසියන්ට නිවෙස් තුළටම වී සිටින ලෙසය. බුදුන් සමයේ පැවති අහිවාතක රෝගය ගැන අප අසා ඇති නමුත් වර්තමානයේ කොරෝනා භීතිය කෙළින්ම දකිමු.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ රජගහනුවර එක්තරා පවුලක් අහිවාතක රෝගයෙන් උවදුරට පත්විය. අහිවාතක රෝගය වැළඳීම නිසා එම නිවසේ එක් ස්ත‍්‍රියක් හැර අනික් සියල්ලෝම මිය ගියහ. ඇය නිවස ද නිවසේ වූ සියලූ ධන ධාන්‍යද හැර දමා මරණ භීතියෙන් ත‍්‍රස්තව බිත්තියක් පලාගෙන පැන ගියා ය. කොරෝනා වලට බිලි වූ විට බිත්තිය බිඳගෙන පලා යා නොහැකිය. චීනයට වඩා වැඩි ආසාදිතයින් පිරිසක් චීනයෙන් පිටත සෙසු රටවලින් වාර්තා වීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයද කලබල වී ඇත. ඉරානය සහ ඉතාලිය, වෛරසය පැතිරයෑමේ කේන්ද්‍රීය ස්ථාන බවට පත්ව තිබේ. එම රටවල සිට සංචාරය කරන්නන් මගින් වෛරසය තවදුරටත් පැතිර යමින් පවතී.

මේ වන විට ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුට ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, වෛරසයට ගොදුරු වූ නවතම පුද්ගලයා වන්නේ, කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනි මසූමේ එබ්ටෙකාර්ය. ඉරානය සිය පුරවැසියන්ට දන්වා ඇත්තේ, අනවශ්‍ය සංචාරවල නිරත නොවන ලෙසය. ටෙහෙරාන් ඇතුළු අනෙකුත් නගර ආශ‍්‍රිතව සිකුරාදා දේව මෙහෙයන් අවලංගු කර තිබිණි. චීනය, හොංකොං, ජපානය සහ ඉරාකය පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. කවර බලවන්තයෙක් වුවද වෛරසයෙන් ගැලවීමක් නොමැත.

චීනයේ සංචාරය කළ නිසා මොංගෝලියානු ජනාධිපති ඛල්ට්මාජින් බතුල්ගා දින 14 ක නිරෝධායන ක‍්‍රියාවලියකට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. නව කොරෝනා වෛරසයට මොංගෝලියාව කොතරම් බියවී ඇත්ද යත් චීනයට ගල් අඟුරු ලබා දීමද නතර කර තිබේ. වඩා බියජනක කාරණය නම් මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයන්ගෙන් 14%ක ප‍්‍රතිශතයකගේ ශරීර තුළ යළිත් වෛරසය සක‍්‍රීය වී ඇති බව තහවුරු වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී තිබීමයි. සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳෙන වෛරස මිනිස් ශරීරයෙන් පිටත නොනැසී පවතින්නේ පැය 24 ක් පමණි. නමුත් කොරෝනා වෛරසය ශරීරයකින් පිටත මාස ගණනාවක් නොනැසී පවතියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දින දහයත් දෙකත් ඇතුළත ආසාදිත පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට සම්පේ‍්‍රෂණය වීමේ අවදානම පවතියි. කනගාටුව වන්නේ මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැතිවීමය. කොරෝනා වෛරසය පුද්ගලයන්ට ආසාදනය වීම වැළැක්වීමට කිසිදු එන්නතකට නොහැකිය. නමුත් එවැනි එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති. එනිසාම ලෝකය පුරාම අනාරක්ෂිත භාවයක් පැතිර තිබේ.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More