ක්‍රීඩා පුවත්

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙසින් ජයග්‍රාහී ලකුණු 175ක් ලබාගන්නට පන්දුඕවර 18.3කදී ශ්‍රී ලංකාවට හැකි විය.

ආර්. ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. ඉනිමේ අවසන් භාගයේ තිසර පෙරේරා දියත් කළ ප්‍රහාරාත්මක ඉනිමද තරග ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය.

ඉන්දීය කණ්ඩායම හමුවේ පිට පිට සිදුවූ 7වැනි පරාජය වළක්වාගන්නට ශ්‍රී ලංකාව සමත්වීමද සුවිශේෂ සිදුවීමකි.

එසේම මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ විස්සයි20 තරගයක හොඳම හඹායාම වන අතර, මීට පෙර 2015 වසරේ පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 173ක ඉලක්කයක් හඹාගොස් තිබුණි.

තවද ශ්‍රී ලංකාව විස්සයි20 තරගයක පවර්ප්ලේ (පන්දුවාර 06) අවස්ථාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වෙයි. එමෙන්ම ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගයක පවර්ප්ලේ අවස්තාවේදී ලොව ඕනෑම කණ්ඩායමක් ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.

එමෙන්ම ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ ශ්‍රී ලංකාව මුහුණදුන් 15 වැනි විස්සයි20 තරගය මෙය වන අතර, ඉන් ජගගත් 03 වැනි තරගය මෙයි. ශ්‍රී ලංකාව මෙම ක්‍රිඩාංගනයේ තරග 12ක් පරාජය වී තිබේ.

නිදහස් කුසලානයේ දෙවැනි තරගය එළැඹෙන 08 වැනිදා රාත්‍රි 7.00 ට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More