දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත කණ්ඩායම අද දිවයිනට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඊයේ මුණ ගැසුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රාහකත්වය යටතේ ඉදිරිපත් කළ යෝජනාවලින් ඉවත් වීමේ පදනම පැහැදිලි කළා. එක්සත් ජාතීන්ගේ යෝජනා සඳහා වන සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකාව අඛණ්ඩවම වගවීම හා මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා කැප වී සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළා. තමන්ට පෙර කටයුතු කළ විදේශ අමාත්‍යවරයා ද 40,1 යෝජනාවේ ඇතැම් කරුණු සම්පූර්ණ කිරීමට නොහැකි බව පසුගිය වසරේදී පෙන්වා දුන් බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් නියෝජිතායතන සමග අඛණ්ඩව කටයුතු කරන බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඇය සිය ප්‍රශංසාව පළ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිය පසුගියදා ඇමතූ අමාත්‍යවරයා 30,1 සහ 40,1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කළා. දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන්,ජාත්‍යන්තර සංක්‍රමණිකයන් පිළිබද සංවිධානයේ ප්‍රධානීන් මුණ ගැසුණා. රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුලු ඉහළ පෙළේ  දූත මණ්ඩලයක් ජිනීවා මානව හිමිකම් සැසියට එක්වුණා. කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More