දේශීය පුවත්

දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකානු එම්.සී.සී. (සහශ්‍රක අභියෝගතා) ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියටද පටහැනි ගිවිසුමක් බව ඒ ගැන විමර්ශනයට පත්කළ විශේෂඥ කමිටුව රජයට නිර්දේශ කර ඇත.  එම නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේය. මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුව ගිවිසුමේ වගන්ති පූර්ණ පරීක්ෂාවකට ලක්කොට ඇති අතර විද්වත් පාර්ශව ගණනාවකින් විශේෂ උපදෙස් ලබාගත් බවද වාර්තාවිය. 

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන හා වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන්ගෙන් මෙම විශේෂඥ කමිටුව සමන්විත විය.

පසුගිය රජය විසින් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද බලවත් විරෝධය මැද මෙම ගිවිසුම අත්සන් කර ඇති බව සඳහන් කරන කමිටු වාර්තාව දැනට රජයට අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කෙටුම්පත අත්සන් නොකළ යුත්තක් බව අවධාරණය කර තිබේ.

මෙහි සඳහන් රටේ ඉඩම් පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය දායකත්වය සහිත සමාගමක් පිහිටුවන ලෙස කර ඇති යෝජනාව ඉවත දැමිය යුතු බවත් රාජ්‍ය තන්ත්‍රය සතු ආයතනයකින් රටේ ඉඩම් පිළිබඳ තීන්දු ගනිමින් ඒවායේ දත්ත ආරක්ෂා කළ යුතු වගත් වාර්තාව පෙන්වා දෙයි.

මේ හැර සහශ්‍රක අභියෝගතා ගිවිසුමට අදාළව පූර්ණ විග්‍රහයක්ද මෙම විශේෂඥ කමිටුව විසින් කර තිබේ. රජයට අවශ්‍ය නම් ඒ ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡා කර රටට හිතකර ගිවිසුමක් සකස් කරන්නේ නම් ඒ ගැන දෙවනුව සලකා බැලිය හැකි බවද සඳහන් කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More