පුරවැසි කොලම

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා යෝජනාවට මුල් වූ රටවලට යුද අපරාධ චෝදනා ඇත. එහෙත් ඒ ගැන විමර්ශන සිදුවී නොමැත. මෙවන් පසුබිමක් මැද 2015 සැප්තැම්බර් මස එවකට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමට එක`ග විය. එහෙත් ඒ සඳහා තම අනුමැතිය ලබානොගත් බව හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන පැවසුවේ නැත.

මේ පසුබිම මත 2020 පෙබරවාරි 26 දා නව රජයේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මේ සම අනුග‍්‍රහයෙන් ඉවත් වන බව 43 වැනි මානව හිමිකම් සැසිවාරය අමතා පළ කළේය.

මේ ජිනීවා යෝජනාව හෙවත් මහා පාවාදීමෙන් ඉවත් වුවත් තිරසාර සාමය සහ සංහිඳියාව සඳහා යන ගමනට වගවීම යන මානව හිමිකම් පිළිබඳව ජනතාව ලබාදුන් ඉලක්ක ජයගැනීමට ශ‍්‍රී ලංකාව තවදුරටත් කැපවන බව විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එසේම රජයේ ප‍්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින් දැනට පවත්නා යාන්ත‍්‍රණ යෝග්‍ය පරිදි අනුවර්තනය කර ගැනීම ඇතුළු සියල්ල අන්තර්ගත දේශීය වශයෙන් නිර්මාණය කර ක‍්‍රියාත්මක කෙරෙන සංහිඳියා වගවීමේ ක‍්‍රියාදාමයන් ඔස්සේ තිරසාර සාමය ළ`ගා කර ගැනීමට රජයේ ඇති කැපවීම ප‍්‍රකාශයට පත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ හැර මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ණ ශ‍්‍රී ලංකා විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමට සහ ඒවායේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය තක්සේරු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත් කිරීමක් සිදු කරන බවද ගුණවර්ධන මහතා පළ කළේය.

විදේශ ඇමැතිවරයා මේ ප‍්‍රකාශනය කරන අවස්ථාවේ හිටපු කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය ආනන්දි සසිතරන් ඇතුළු කොටි ඩයස් පෝරා ක‍්‍රියාකාරීහු මානව හිමිකම් කවුන්සිලය තුළ අසුන්ගෙන සිටියහ.

30/1 ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රහයෙන් රජය ඉවත් වන බවට කල්තියා හෙළිවූවත් ගත වූ සිව් වසර තුළ ජිනීවා ගොස් එම යෝජනාවට එරෙහි වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු දේශපේ‍්‍රමී පාර්ශ්වවලට ඒ බව හෙළි වී නොතිබුණි.

එසේ වූවත් විදේශ ඇමැතිවරයා ජිනීවා බලා පිටව ගිය දින විදේශ ඇමැතිවරයා යෝජනා කරන කරුණු මාධ්‍ය කීපයකට ලැබී තිබුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා විදේශ කටයුතු ඇමැතිවරයා තවදුරටත් මෙලෙස පවසනු ලැබීය.

2030 තිරසර සංවර්ධන න්‍යාය පත‍්‍රය ද ඇතුළු ශ‍්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන ආකාරයකින්, නිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නෛතික ක‍්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසඳී ඇති ගැටලූ නිරාකරණය කිරීම හා අවශ්‍ය ආයතනික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ක‍්‍රියා කෙරේ.

නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්‍ෂණ ප‍්‍රගමනය කිරීමෙන් ද, යුක්තිය හා සිංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ සිටින අනතුරට භාජන විය හැකි කොටස්වල ගැටලූවලට විසඳුම් ලබාදීමෙන්ද, ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීමෙන් පැනනැෙ`ගන ප‍්‍රතිපත්ති යහපත් චේතනාවෙන් යුතුව ප‍්‍රදර්ශනය කිරීම ද ඊට ඇතුළත් වේ.

2030 තිරසාර සංවර්ධන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශී‍්‍ර ලංකා ආණ්ඩුවට උපකාර කරනු වස් එක්සත් ජාතීන්ගේ අදාළ ආයතන සම්බන්ධ කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය අතර පසුගියදා පැවැති සාකච්ඡුාවේදී එක`ගවී තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංකාව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

කුමක් ද මේ 30/1 යෝජනාව?

බි‍්‍රතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු 30/1 යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව ශ‍්‍රී ලංකා රජය එක`ග වී ඇති කරුණු 9:

x කාලානුරූපී අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබාදීම.

x සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම

x අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම

x වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම

x එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම

x විශේෂ උපදෙස් මත ක‍්‍රියාත්මක අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපනය කිරීම

x අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්‍ෂපාතී පුද්ගලයින් පත් කිරීම

x ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම

x කාලානුරූපී අධිකරණ ක‍්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්‍ෂණික සහාය ලබා ගැනීමට අවසර දීම

මේ අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම ද නිර්දේශ අතර විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත් කළ වාර්තාවෙන් කරුණු රැුසක් මතු කර තිබේ.

ඇය එම වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ, 30/1 යෝජනාවට අනුකූලව සිංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී ශ‍්‍රී ලංකාව යම් ප‍්‍රගතියක් ලබා ඇති බවය.

එහෙත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව දඬුවම් ලබා දීමට අපොහොසත් වීම හා ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව නිසා මානව හිමිකම් උල්ලංඝනයවීම් නැවත ඇති වීමට හේතු විය හැකි බව එහි සඳහන් කර තිබේ.

මේ අතර, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක 30/1 යෝජනාවලිය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා රජය සම`ග එක්ව කටයුතු කරන ලෙසත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය සමීපව නිරීක්‍ෂණය කරන ලෙසත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාළ යෝජනාවෙන් ඉවත්වීමට කටයුතු කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදී වත්මන් රජයට ඒ වෙනුවෙන් වගකීමට සිදුවනු ඇති බව දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පසුගිය 22 වැනිදා පැවසීය.

යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අදාළ යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වූවත් එම යෝජනාවට ඉන් බලපෑමක් නොවනු ඇති බවය.

වත්මන් රජය එවැනි තීන්දුවක් ගනු ලැබුවේ එළැඹෙන මහ මැතිවරණයේදී දකුණේ ඡුන්ද ඉලක්ක කර ගෙන යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන් එහිදී පවසා තිබිණි.

මේ පසුබිම මැද මෙරට රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා යෝජනාවෙන් රජය ඉවත්වීම ගැන නොසතුට පළකර ඇත.

විදේශ ඇමැතිවරයාගේ ප‍්‍රකාශය ගැන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සේවය කරන්නියක් පවසා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන වරදකරුවන්ට දඬුවම් දීමට අපොහොසත් වීම ගැන ඇමැතිවරයා නොසලකා හැර ඇති බවය.

ඊට සමානව ඇමෙරිකානු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජෝන් පිෂර් පවසා ඇත්තේ රාජපක්‍ෂ පාලනය යටතේ වගවීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවය.

එහෙත් මේ කිසිවෙක් යුද අපරාධ චෝදනා එල්ල වූ ඇමෙරිකානු සෙබළුන්ට වගවීමේ ක‍්‍රියාවලිය බලනොපවත්වන්නේ මන්දැයි විමසන්නේ නැත.

මෙහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය මිචෙලි බැචලට් මෙරට අභ්‍යන්තර කටයුතුවලටද මැදිහත් වී ඇත. ඇය සිය වාර්තාවේ දක්වා ඇත්තේ ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ගැන කනගාටු වන බවත් ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණයට ලක්විය යුතු බවත්ය.

මානව හිමිකම් කොමසාරිස්වරිය මේ අයුරින් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල ආරක්‍ෂක හමුදා ප‍්‍රතිසංස්කරණය කළ යුතු යැයි පවසන්නේද?

මේ අතර මානව හිමිකම් කොමසාරිස්වරිය ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත්වීම ප‍්‍රතික්‍ෂේප කළාය.

ඇය තවදුරටත් පැවසූවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන විමර්ශනය කිරීමට පත්කරන කොමිසම කෙරේ විශ්වාසය නැති බවයි.

අපගේ ප‍්‍රතිචාරය අනුගමනය කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ ජිනීවා යෝජනාව දිගටම ගෙන යා යුතු බවයි.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප‍්‍රකාශය සම්බන්ධව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ යුද හමුදාවේ නිලධාරීන්ට එරෙහිව එල්ල වූ චෝදනා සනාථ කර නැති බවය.

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහි වූ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්රෝ යන රටවලට යුද අපරාධ චෝදනා එල්ල වී තිබුණත් මිචෙලි බැචලට් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More