කෝවිඩ් 19 වෛරසය ආසාදනවය වූවන් සිටි ජපානයේ යොකොහෝමාව වරායට ආසන්නයේදී නිරෝධානයට ලක්කර තිබූ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදොන ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගුවන් මගින් ගෙන්වා ගෙන තිබේ.
මෙම නෞකාවේ ඉන්දීය ජාතිකයන් 119ක් සිටි අතර ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉන්දියාව විසින් ජපානයට පිටත් කළ හැරිය.
එම ඉන්දිය ජාතිකයන් 119 දෙනාට අමතරව ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හා නේපාලය, දකුණු අප්‍රිකාව හා පේරු යන රටවලට අයත් තවත් තිදෙනෙකු මෙම ගුවන් යානය මගින් නවදිල්ලි නුවරට ගෙන එනු ලැබීය.
ජපානයේ ටෝකියෝ නුවර සිට ඔවුන් ඉන්දියාවට ගෙන්වා ගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...