දේශීය පුවත්

ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනට ඇතුළත් ව ඇති බවත් පසුගිය මැතිවරණයේදී පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වූ අනිකුත් පක්ෂ ලියාපදිංචිය සම්පුර්ණ කළ විට ඊට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවයි.

ශක්තිමත් දේශපාලන ගමනක් උදෙසා නව සන්ධානය කටයුතු කරන බවත් ඊට තම පුර්ණ කැපවීම ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට ප්‍රධාන පක්ෂ නවයක ප්‍රධානත්වයෙන් සන්ධාන ගතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණු සන්ධානය තුලට නව දේශපාලන පක්ෂ පහක් ඇතුළත් කර ගැනීම සඳහා වූ යෝජනාවට විධායක සභාව මෙහිදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සංවිධානය, එක්සත් මහජන පක්ෂය යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත. මේ අනුව පක්ෂ 14 ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයට ඇතුලත් වේ.

එසේම මෙහිදී නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා , ජාතික සංවිධායක ධූරය සඳහා විමල් වීරවංශ මහතා , උප උපසභාපතිවරු ලෙස වාසුදේව නානයක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන මහත්වරුන්ද උප ලේකම්වරුන් ලෙස අසංක නවරත්න, ඩී කලංසූරිය යන මහත්වරුන් ද පත් කිරීමටද අදාළ විධායක සභාව විසින් අනුමැතිය ලබා දෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More