දේශීය පුවත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති තිහක ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු දමා, සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියේය.

මේ හේතුවෙන් දිවයින පුරා පාසැල් රැසක කටයුතු අඩාළ වී තිබුණි.

ගුරු වෘත්තිය සංවෘත සේවාවක් බවට පත්කිරීම, ගුරු හා විදුහල්පති වැටුප් ගැටලුව, අධ්‍යාපනයට අයවැයෙන් 6 %ක් වෙන්කිරීම, පාසල් නඩත්තුවට මව්පියන්ගෙන් මුදල් එක්රැස් කිරීම වළක්වා ගැනීම, 2016 වසරේ ජනවාරි පළමු වැනිදායින් පසු සේවයට එක්වු ගුරු විදුහල්පතිවරුන්ට පූර්ණ විශ්‍රාම වැටුප ලබාගැනීම හා ගුරුවරුන් මත නීති විරෝධී අයුරින් පනවා ඇති රාජකාරී ඉවත්කිරීම යන ඉල්ලීම් 06 මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති අද අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකුණේය.

මේ හේතුවෙන් කොළඹ, ගාල්ල, මහනුවර ප්‍රධාන පෙළේ පාසල් මෙන්ම අනෙකුත් පාසල් රැසකද ගුරුවරුන්ගේ අඩුවක් අද දින දක්නට ලැබුණු අතර සිසුන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබුණි.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහා තම සේවා ස්ථාන වෙත විදුලි පණිවිඩ යැවීමට තැපැල් කාර්යාල වල රැස්ව සිටියේය

මෙසේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටී අධ්‍යාපන වෘත්තීකයින් අද පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණියේය.

අනතුරුව ඔවුන් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුණි.

මෙම අවස්ථාවේ වෘත්තිය සමිති දෙකක නියෝජිතයන් පිරිසක් අතර උණුසුම් තත්වයක්ද හටගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More