දේශීය පුවත්

MCC ගිවිසුමේ කොන්දේසි තුනක්

February 27, 2020 12:59 am | Lanka Lead News

එම්.සී.සී. ගිවිසුම ඇමෙරිකාව අපේ රටට ආදරයට ලබාදෙන දෙයක් නොවන බවත්, එම ගිවිසුම යටතේ අප රටට කොන්දේසි තුනක් අන්තර්ගත වන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

එම කොන්දේසිය මගින්ම රටක් ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු සපත්තුවට යටවී යන බවද, මේ නිසා කවුරු එම ගිවිසුම අත්සන් කළත් ඊට එරෙහිව පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ එරෙහි වන බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව පොරොන්දු වූ පොරොන්දු ගෙවී ගිය දින 100ක කාලය තුළ කඩ කර තිබෙන බවත්, බලයට පත්වීමට පෙර එම්.සී.සී. ගිවිසුම් කුණු බාල්දියට දමන බවට පැවැසූවත් එම ගිවිසුම පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More